උදයාංග වීරතුංග ගැන තොරතුරක් ?

උදයංග

ඡායාරූප මූලාශ්‍රය, DefenceLK

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් තමන්ට එරෙහිව නගා තිබෙන චෝදනා සියල්ල අසත්‍ය බවයි ඔහු පවසන්නේ
Published

පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවී ඇති බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගැනීමට නියමිතව සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ පොලිසිය කියා සිටියේ දැනට නිකුත් කර තිබෙන ජාත්‍යන්තර වරෙන්තුවට අනුව සැකකාර උදයාංග වීරතුංග අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ සිදුකෙරමින් පවතින බවය.

සැකකරු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින බවට තොරතුරු ලැබී ඇති නමුත් ඔහු පදිංචිව සිටින ලිපිනය මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකිවී ඇති බව පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

පොලිසිය වැඩිදුරටත් කරුණු දැක්වූයේ මිග් යානා ගනුදෙනුවට අදාළ මුල් ලේඛන අස්ථානගත වීම සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදුකරන අතර එයට අදාළව පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව සඳහන් කරමිනි.

ඒ අනුව පැමිණිල්ල නැවත ලබන අප්‍රේල් මස 07 වෙනිදා කඳවීමට නියම කළ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කළේය.