විම්බල්ඩන් ශූරතාවය නොවැක් ජොකොවිච් ට

ඡායාරූප මූලාශ්‍රය, PA
Published
බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ - පිරිමි - අවසාන තරඟයෙන් රොජර් ෆෙඩරර් පරාජය කරමින් නොවැක් ජොකොවිච් කිරුල දිනා ගත්තේය.
සර්බියානු ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ලෝක ශ්‍රේණිගත ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමි කර ගෙන සිටින ටෙනිස් ක්‍රීඩකයා යි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඔහු විසින් පරාජය කරනු ලැබූ රොජර් ෆෙඩරර් හත් වතාවක් විම්බල්ඩන් ශූරතාවය හිමි කර ගත් ක්‍රීඩකයෙකි.
නොවැක් ජොකොවිච් මෙවර විම්බල්ඩන් කිරුල දිනා ගත්තේ තුන් වැනි වතාවටයි.

ඡායාරූප මූලාශ්‍රය, PA
විම්බල්ඩන් කිරුල දිනා ගත් වයස්ගතම ක්‍රීඩකයා ලෙස ඉතිහාස ගත වීමට රොජර් ෆෙඩරර් ට තිබුණු අවස්තාව නොවැක් ජොකොවිච් ගේ ජයග්‍රහණයත් සමඟ ඔහුට අහිමි විය.






















