උසේන් බෝල්ට් මව්බිමේ ධාවන පථයෙන් සමුගනී

ජයග්‍රහණය නිමාවේ සුපුරුදු ඉරියව්වෙන්
ඡායාරූප ශීර්ෂ වැකිය, ජයග්‍රහණය නිමාවේ සුපුරුදු ඉරියව්වෙන්
Published

සිය ජන්මභූමිය වන ජැමෙයිකානු පොළොවේ සහභාගී වෙන අවසන් මීටර් සීය කෙටි ධාවන තරඟය ජයගත් ජගත් ධාවන ශූර උසේන් බෝල්ට් (Usain Bolt) වෙනුවෙන් ජයහඬ නැගීමට දස දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්රැස්ව සිටියහ.

ලෝක මළල ක්‍රීඩා ඉතිහාසයේ සදාකාලික වීරයා වන උසේන් බෝල්ට් මෙම තරඟයේ දී කිසිදු චකිතයකින් තොරව ඊට සහභාගී වෙමින් ජයග්‍රහණය වාර්තා කළේය.

'මගෙනුත් ඔබට ආචාරයක්'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'මගෙනුත් ඔබට ආචාරයක්'

මීටර් සීය ධාවන පථයෙහි තමා කිසිදාක දැඩි මානසික කැළඹීමකට පත්ව නැති බව ඔහු පවසයි.

ඔහු අද (ජූනි 11)තරඟය නිම කළේ තත්පර 10.03 කාලයකිනි.

අද තරඟය අතරවාරයේ අපරාජිත ක්‍රීඩකයාට ශුභ පැතීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණ සිටි දස දහස් සංඛ්‍යාත ජනතාව සමඟ ජැමෙයිකාවේ අගමැතිවරයා සහ ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබස්තියන් කෝ එක්ව සිටියහ.

ජයග්‍රහණයේ සීමාව කරා විදුලිය වේගයෙන්
ඡායාරූප ශීර්ෂ වැකිය, ජයග්‍රහණයේ සීමාව කරා විදුලිය වේගයෙන්

ඔලිම්පික් රන් පදක්කම් අටක් දිනා සිටින උසේන් බෝල්ට් දැනට මීටර් සීය සහ දේශීය තරඟ ඉසව් සඳහා වන ලෝක වාර්තාවට ද හිමිකම් කියයි.

ලබන අගෝස්තු මාසයේ ලංඩන් නගරයේ පැවැත්වෙන ලෝක ශූරතා තරඟාවලියෙන් අනතුරුව ක්‍රීඩාවෙන් සමු ගැනීම තිස් හැවිරිදි උසේන් බෝල්ට්ගේ සැලැස්මයි.

තවත් සබැඳි පුවත්;