උසේන් බෝල්ට් අපරාජිත ධාවකයා

Published
ඔලිම්පික් මීටර 100 ධාවන තරඟ ඉතිහාසයේ අඛණ්ඩව තෙවන වරටත් රන් පදක්කමක් දිනා ගත් ක්‍රීඩකයා ලෙස ජැමෙයිකානු මළල ක්‍රීඩක උසේන් බෝල්ට් වාර්තා පොතට එක් වේ.
බ්‍රසීලයේ රියෝ ඔලිම්පික් උළෙලට පැමිණි දහස් සංඛ්‍යාත රසිකයන් ඉදිරියේ උසේන් බෝල්ට් සිය ප්‍රතිවාදීන් අතර ඉදිරියෙන් සිටි ඇමරිකානු ක්‍රීඩක ජස්ටින් ගල්ට්ලින් පරාජයට පත් කිරීමට සමත් විය.
ඒ සඳහා ඔහු වාර්තා කොට ඇති කාලය තත්පර 9.8 කි.
2008 වසරේ බීජිං ඔලිම්පික් උළෙලේ සහ 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මීටර 100 ඉසව්වේ රන් පදක්කම් දිනා ගැනීමට බෝල්ට් සමත් විය.
ඒ අනුව මීටර 100, මීටර 200 සහ මීටර 100x4 සහාය දිවීම යන ඉසව්වලින් අඛණ්ඩව තෙවරක් ඔලිම්පික් රන් පදක්කම් දිනා ගත් ක්‍රීඩකයා වශයෙන් ඉතිහාස ගත වීමේ අභියෝගය වෙත ඔහු ළඟා වෙමින් සිටියි.
























