උසේන් බෝල්ට්;ධාවන පථයේ අපරාජිතයා

ඡායාරූප මූලාශ්‍රය, AP
චීනයේ බේජිං නගරයේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියේ මීටර් 200 කෙටි දුර ධාවන තරඟය ජය ගැනීමට ජැමෙයිකානු ධාවන ශූරයා වන උසේන් බෝල්ට් සමත් විය.
සමස්ත ලෝකය බලා සිටියදී උසේන් බෝල්ට් ධාවන පථය නිම කළේ තත්පර 19.55 කදී.
ධාවන පථයේ තම ප්‍රතිවාදියා වූ ඇමෙරිකානු ධාවන ශූර ජස්ටින් ගැට්ලින් බේජිං තරඟාවලියේ දී උසේන් බෝල්ට් සඳහා දැඩි අභියෝගයක් විය හැකි බවට ක්‍රීඩා විශ්ලේෂකයන් සහ ජන මාධ්‍ය අනාවැකි පළ කරමින් තිබියදී, උසේන් අද (26) තරඟය ආකර්ශණීය අයුරින් නිම කළේ සිය ක්‍රීඩා ලෝලීන් අතර බලවත් උද්වේගයක් ඇති කරමිනි.
අද (26) මීටර් 200 තරඟය නිම කිරීමට ජස්ටින් ගැට්ලින්ට තත්පර 19.74 ක් ගත විය.

ඡායාරූප මූලාශ්‍රය, AP
පසුගියදා පැවැත්වුන මීටර් 100 ධාවන තරඟය ජය ගැනීමට ද ජැමෙයිකානු ධාවන ශූරයා සමත් විය.
ඉතිරි ජවය
මේ අනුව ලෝක කුසලාන තරඟ මාලාවන්හිදී උසේන් බෝල්ට් මීටර් 100 සහ මීටර් 200 ජය ගත් හතර වැනි අවස්ථාව මෙයයි.
ඔලිම්පික් තරඟද ඇතුළුව මීටර් 100 සහ 200 සඳහා මේ වන විට ඔහු රන් පදක්කම් දහයක් දිනා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ඇතැම් විචාරකයන්ට අනුව උසේන් බෝල්ට් ධාවන තරඟ වලදී ඔහු සතු පූර්ණ ජවය පාවිච්චි කර නැත.
ඉන් ඉස්මතු කෙරෙන්නේ, ලබන වසරේ බ්‍රසීලයේ පැවැත්වෙන මී ළඟ ඔලිම්පික් තරඟාවලියත් උසේන් බෝල්ට් සඳහා අභියෝගයක් නොවන බවයි.
අද ධාවන තරඟයෙන් අනතුරුව උසේන් කැමරාවක ගැටී බිම ඇද වැටීමත් ලෝකය පුරා රුපවාහිනී තිර ඔස්සේ ප්‍රචාරය කෙරුණි.


























