උසේන් බෝල්ට් යළිත් අංක එකට
Published
චීනයේ පැවති ලෝක මලල ක්‍රීඩා උළෙලේදී පිරිමි මීටර 100 තරඟයෙන් ජය ලබා ගැනීමට උසේන් බෝල්ට් සමත් විය.
'ලොව වේගවත්ම මිනිසා' ලෙස හඳුන්වනු ලබන උසේන් බෝල්ට් මීටර් 100 තරඟය වෙනුවෙන් ලෝක ශූරතාව දිනාගත් තෙවන අවස්ථාව මෙයයි.
මීටර 100 සහ මීටර 200 ලෝක වාර්තා වලට හිමිකම් කියන ජැමෙයිකන් ජාතික උසේන් බෝල්ට් මෙවර මීටර 100 නිම කිරීමට ගත කළේ තත්පර 9.79ක කාලයක්.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
උසෙයින් සමග තීව්‍ර ලෙස තරග කළ ඇමරිකාවේ ජස්ටින් ගට්ලින් දෙවන ස්ථානය හිමි කර ගත් අතර ඔහු මින් පෙර දෙවතාවක් තහනම් උත්තේජක පරීක්ෂා වලින් අසමත්ව වසර දෙකක් පිටියේ නො සිටි ක්‍රීඩකයකු වීමද විශේෂයි.
උසේන් බෝල්ට් සහ ජස්ටින් ගට්ලින් අතර ඉතාමත් තියුණු තරඟයක් ඇති වන බවට ක්‍රීඩා විචාරකයන් මත පළ කොට තිබුණ අතර ලෝකයේම ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමු වී තිබුනේ උසෙයින් බෝල්ට් දෙසටයි.