රුසියානු මගීයානය විනාශ වුනේ ත්‍රස්ත ප්‍රහාරයකින් - රුසියාව

ඡායාරූප මූලාශ්‍රය, EPA
Published
රුසියානු ගුවන් යානය ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයට කඩා වැටී ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් වී මෙන් බව රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවා ප්‍රධානි, අලෙක්සන්දර් බොර්ට්නිකොෆ් ප්‍රකාශ කරයි.
මෙම ගුවන් යානය ඉකුත් මාසයේදී කඩා වැටී විනාශ විය.
එම එයාර් බස් ගුවන් යානයේ සුන් බුන් වල යානයේ නොතිබිය යුතු පුපුරන ද්‍රව්‍ය ශේෂයන් සොයා ගත් බව ආරක්ෂක සේවා ප්‍රධානියා රුසියානු ජනාධිපති පුතින් ට දන්වා තිබේ.
ගුවන් යානයේ ගමන් කළ 224 දෙනාම මිය ගිය අතර ඉන් වැඩි දෙනෙක් රුසියානු සංචාරකයන්.
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ තමන් ගුවන් යානයට පහර දුන් බවයි.
ඊට සම්බන්ධ පුද්ගලයන් සොයා ඔවුන්ට දඬුවම් පමුණුවන බවට රුසියානු ජනාධිපති පූතින් විසින් ප්‍රතිඥා දී තිබේ.
























