ඉන්දියානු කන්‍යා සොහොයුරියක් සමුහ දුෂණයට ලක්වෙයි

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service
Published
වයස් ගත කන්‍යා සොහොයුරියක් පුද්ගලයන් හය දෙනකු විසින් සමූහ දූෂණයට ලක් කොට කන්‍යාරාමයේ බඩු බාහිරාදිය කොල්ලකා ඇතැයි ඉන්දියාවේ බටහිර බෙන්ගාලයෙන් වාර්තා වෙයි.
කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකුගේ සහ ආරක්ෂක නිලධාරියකුගේ අත් පා බැඳ දමා 74 වියැති කන්‍යා සොහොයුරිය දූෂණයට ලක් කොට තිබේ.
කන්‍යාරාමයට ඇතුල් වීමට පෙර පාසලේ තිබූ මුදල් ද ඔවුන් විසින් සොරා ගෙන ඇති බවයි කල්කටා අගරදගුරු, Thomas d'Souza බීබීසියට පැවසුවේ.
බටහිර බෙංගාලයේ ප්‍රධාන ඇමති මමතා බැනර්ජි මේ සිද්ධිය හෙලා දැමීමට ලක් කළේය.
විශේෂයෙන්ම දිල්ලි අගනුවර කතෝලික දේවස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම වැඩි වී ඇති බව පවසමින් ක්‍රිස්තියානි කණ්ඩායම් ඉකුත් මාස කිහිපය තුළ සිය විරෝධතාව සහ කෝපය පල කළහ.

























