හිමාචාල් ප්‍රදේශයේදී සංචාරක නිරත වූ කාන්තාවක් දුෂණය කෙරේ.

rape
Published

හිමාචාල් ප්‍රදේශයේදී සංචාරක නිරත වූ කාන්තාවක් සමුහයක් විසින් දුෂණය කොට ඇතැයි ඉන්දීය පොලිසිය ප්‍රකාශ කළේය.

මෙම තිස් හැවිරිදි ඇමරිකානු කාන්තාව මානලි සංචාරක කලාපය හරහා ගමන් ගනිද්දී ඇය ට්‍රක් රථයකට ගොඩවී ඇති අතර පසුව ඇයව පාළු ස්ථානයකට ගෙන ගොස් දුෂණය කළ බවයි පොලිසිය කියා සිටියේ.

සිද්ධියට අදාල ට්‍රක් රථ ප්‍රදේශයෙන් පිටවී යෑම වලක්වාලීම සඳහා මාර්ග බාධක ඉදි කොට ඇතැයි පොලිස් ප්‍රකාශාකයෙක් වැඩි දුරටත් කියා සිටියේය.

ස්වීට්සර්ලන්තයෙන් පැමිණි සංචාරක කාන්තාවක් මධ්‍යම ඉන්දියාවේ දී සමුහ දුෂණයකට ලක්වූ බව මාර්තු මාසයේදී වාර්තා විය.