අගමැති මෝදි කාශ්මීරයේ

සංවර්ධනය කරා පියනගන මාවතට සියලු දෙනා එක් කර ගැනීමට අවශ්‍යයි - මෝදි

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සංවර්ධනය කරා පියනගන මාවතට සියලු දෙනා එක් කර ගැනීමට අවශ්‍යයි - මෝදි
Published

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මතභේදයට තුඩු දී තිබෙන කාශ්මීරයේ කාර්ගිල් නගරයේ සංචාරයක යෙදී සිටියි.

ඒ අනුව වසර පහළොවකට පසු එම ප්‍රදේශයේ සංචාරයක නිරත වන පළමු ඉන්දීය අගමැතිවරයා නරේන්ද්‍ර මෝදි.

එක්දහස් නවසීය අනූනවය වසරේ ඉන්දියාව හා පාකිස්ථානය අතර කාර්ගිල් ප්‍රදේශයේ සිදු වූ සටන් වලින් දහසකට වැඩි දෙනෙක් මරණයට පත් වුහ.

සංවර්ධන මාවත

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මග පෙන්වීම යටතේ කාශ්මීරයේ ඉන්දීය පාලනයේ පවතින ප්‍රදේශය තුළ බලශක්ති ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට නියමිතයි.

සංවර්ධනය කරා පියනගන මාවතට සියලු දෙනා එක් කර ගැනීමට තමාට අවශ්‍ය බවයි ව්‍යාපෘති සමාරම්භක උළෙලෙන් පසු පැවති රැළිය ඇමතූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

නරේන්ද්‍ර මෝදි, අග්‍රාමාත්‍ය පදවිය භාර ගැනීමෙන් පසු ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ සිදු කළ දෙවන සංචාරය මෙයයි.