ඉන්දියාවෙන් තවත් දුෂණ සිද්දියක්

ඉන්දියාවේ කාන්තා අපචාර වලට එරෙහිව පැවති උද්ඝෝෂණයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ කාන්තා අපචාර වලට එරෙහිව පැවති උද්ඝෝෂණයක්
Published

ඉන්දියාවේ ‘ජාර්කාන්ද්’ ප්‍රාන්තයේ කාන්තාවකට පහර දීමේ සිද්ධියකට පළි ගැනීමක් වශයෙන් සිදු කෙරුණ දූෂණ අපචාරයක් නැගෙනහිර ඉන්දියාවෙන් වාර්තා වේ.

පොලිසිය පවසන අන්දමට දූෂණය සිදු වී ඇත්තේ මේ සතියේ ආරම්භයේ දී වන අතර දූෂණයට ලක්වූ දැරිය දාහතරවැනි වියේ පසු වන බවත් පැවසේ.

මෙම දැරියගේ සහෝදරයා විසින් ගමේ කාන්තාවකට පහර දී ඇති බවත් එයට පළි ගැනීමක් ලෙස දැරිය දූෂණය කර ඇති බවත් පොලිසිය පවසයි.

දැරිය දූෂණය කිරීමට ගම් සභාවේ ප්‍රජා නායකයාගේ අනුමැතිය ලැබී ඇති බව පොලිසිය තවදුරටත් පවසයි.

පහර කෑමට ලක් වූ කාන්තාවගේ සැමියා සහ දූෂණය අනුමත කළ ගමේ ප්‍රජා නායකයා ද ඇතුළුව සැකකරුවන් තුන් දෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මේ වන විට දැරිය රෝහල් ගත කර ඇති අතර ඇය පොලිසියට ප්‍රකාශයක් ද ලබා දී තිබේ.