ඉන්දියාවෙන් තවත් කාන්තා දූෂණයක්

දූෂණයට ගොදුරු වූ 'උත්තර ප්‍රදේශ්' තරුණියකගේ මවක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, දූෂණයට ගොදුරු වූ 'උත්තර ප්‍රදේශ්' තරුණියකගේ මවක්
Published

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අතුරුදහන් වූ තවත් තරුණියක් ගසක එල්ලා තිබියදී සොයා ගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය සති කිහිපය තුළ මෙලෙස තරුණියන් දූෂණය කොට ගස් වල එල්ලීමේ සිද්ධි හතරක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වූ අතර මෙම තරුණිය ද මරණයට පෙර දූෂණයට ලක්කොට ඇති බවට සැකයක් පවතී.

'මොරදාබාද්' නම් දිස්ත්‍රික්කයේ පොලිස්පතිවරයා කියා සිටියේ දහනම හැවිරිදි මෙම තරුණිය පසුගිය බදාදා සවස සිට අතුරුදහන් වූ බවට පැමිණිල්ලක් ලැබුණු බවයි.

ඔහු තව දුරටත් කියා සිටියේ, ගසෙහි එල්ලීමට පෙර ඇය දූෂණයට ලක් වුවා ද යන්න සොයා බැලීමට දේහය මරණ පරීක්ෂණයක් සඳහා යොමු කරනු ලැබ ඇති බවයි.

පසුගිය සති කීපය ඇතුළත එවැනිම ඉරණමකට මුහුණ දුන් අනෙක් තරුණියන් මෙන් ඉහත කී තරුණියත් ඉන්දියාවේ කුල ශ්‍රේණිගත කිරීම් වලට අනුව පීඩිත කුලයකට අයත් තැනැත්තියක් වන බවයි වාර්තාවන්හි දැක්වෙන්නේ..