ඇෆ්ඝන් ජනාධිපතිවරණයට තර්ජන

ඇෆ්ඝන් මැතිවරණ කොමිසම ඉදිරිපිට දර්ශනයක්

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇෆ්ඝන් මැතිවරණ කොමිසම ඉදිරිපිට දර්ශනයක්
Published

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි ස්වාධීන මැතිවරණ කොමිසමේ ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය.

ඇෆ්ඝන් ජනාධිපතිවරණයට සතියක් තිබියදීයි, ප්‍රහාරය එල්ල කෙරුණේ.

ප්‍රහාරයේ වගකීම තාලිබාන් ව්‍යාපාරය විසින් භාර ගනු ලැබ ඇත.

අධි සන්නද්ධ කැරලිකරුවෝ මැතිවරණ කාර්යාලය අසල වූ වෙනත් ගොඩනැගිල්ලකට ඇතුල් වී ප්‍රහාරය එල්ල කරන ලද බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අයත් උපකරණ ගිනි ගත් බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

ලබන සතියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට බාධා පමුණුවන බවයි තාලිබාන් කැරලිකරුවන් පවසන්නේ.