නේටෝ ප්‍රහාරයකින් ඇෆ්ගන් භටයන් මරුට

නියමුවන් රහිත යානයකින් එල්ල කෙරුණු ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, නියමුවන් රහිත යානයකින් එල්ල කෙරුණු ප්‍රහාරයක්
Published

ඇෆ්ගනිස්ථානයේ ලොගාර් පළාතට නේටෝ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් සොල්දාදුවන් පස් දෙනකු මරා දැමුණ අතර තවත් ගණනාවක් තුවාල ලද බව වාර්තා විය.

ඇෆ්ගන් නිලධාරීන් පවසන්නේ නියමුවන් රහිත යානයකින් එල්ල කෙරුණු මෙම ප්‍රහාරයකට තම හමුදා වැරදීමකින් ඉලක්ක වී ඇති බවයි.

විපතට පත් යුද භටයන්ගේ පවුල්වල ට නේටෝ හමුදාව සිය කනගාටුව පළ කර තිබේ.

එසේම මෙම ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නේටෝව පවසයි.