
ඉන්දියාවේ මතභේදයට තුඩුදී ඇති ආර්ථික ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් අදහස් දැක්වූ එරට අගමැති මන් මෝහන් සින් අනාගතයේදී විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කිරීමට එම ප්‍රතිපත්ති ඉවහල් වනු ඇතැයි කියා සිටියේය.
ඔහු මේ අදහස් පළ කළේ දිල්ලි අගනුවර පැවති කොන්ග්රස් පක්ෂයේ රැළියකදීයි.
ආර්ථික ප්‍රතිපත්ති වලට සහාය දක්වීම සඳහා කොන්ග්රස් පක්ෂයේ සාමාජිකයෝ දහස් සංඛ්‍යාත පිරිසක් දිල්ලි අගනුවරට රැස්ව සිටිති.
බහුජාතික සුපිරි වෙළඳ සමාගම් වලට ඉන්දීය වෙළඳපොලට පිවිසීමට ඉඩ දීම නිසා ඉන්දියාවේ ගොවීන්ට අගතියක් සිදු වෙන බවට කරන ප්‍රකාශ වලට කිසිඳු පදනමක් නොමැති බවද ඉන්දීය අගමැතිවරයා පැවසුවේය.
නව ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍ය කටයුත්තක් වී ඇති බවයි ඉදිරියේදී ඉන්දියාවේ අගමැතිධුරයට පත් වීමට ඉඩ ඇති රාහුල් ගාන්ධි ප්‍රකාශ කළේ.












