ඇමෙරිකානු මැතිවරණය 2020: ටිෆනි ට්‍රම්ප් ජනප්‍රිය වෙද්දී ප්‍රතිවාදීන් දෙදෙනෙක් අමුතු වැඩක
ඇමෙරිකානු ජනාධිපතිවරණයට තවත් දින 14 ක් ඉතිරිව පවතින අතරේ තවත් රැලියකට එක්වීම සඳහා ජනාධිපති ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තය වෙත යද්දී ඔහුගේ දියණිය රිපබ්ලිකන් පක්ෂයේ සමරිසි වැඩසටහනකදී කළ අතපසුවීමක් කෙරෙහි අවධානය යොමු වෙලා. මේ අතරේ යුටාහ් ප්‍රාන්තයේදී ප්‍රතිවාදී රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් දේශපාලනඥයින් දෙදෙනෙක් කරන්නට යෙදුණේ කිසිවකු අපේක්ෂා නොකරන දෙයක්.

මුහුණු දෙකක්, කරට කර තරග දෙකක්
ජාතික මත විමසීම්වලදී ජෝ බයිඩන් ඉදිරියෙන් ඉන්න බව පෙනුණත්, ඇත්තෙන්ම වැදගත් වන්නේ තීරණාත්මක ප්‍රාන්ත කිහිපයක සිදුවන දෙයයි.
1. ෆ්ලොරිඩා, දිනිය යුතු ම ප්‍රාන්තයක්
ළඟදීම නිකුත් වූ දත්තවලට අනුව පෙන්නුම් කෙරෙන්නේ, ෆ්ලොරිඩා ප්‍රාන්තය තුළ ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ට වඩා තරමක් වැඩිපුර ලියාපදිංචියක් ඇති රිපබ්ලිකන් පාක්ෂිකයින් කළින්ම ඡන්දය ප්‍රකාශ කරන බවක්. වෙනත්, කළින් ඡන්දය දෙන ප්‍රාන්තවල අපට දකින්නට තිබෙන්නේ මෙහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයක්.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
2. පෙන්සිල්වේනියා, වැඩකරන පන්තියේ ඡන්ද මත යැපීමක්
ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තය වෙත යන්නේ ඊරි ප්‍රදේශයේ යෙදෙන තුන්වෙනි සංචාරය සඳහායි. ගියවර තමන් වෙත වැඩි වාසියක් ගෙනා සුදු ජාතික, වැඩකරන පන්තියේ ඡන්දදායකයින් රඳවා තබා ගැනීමට ඔහු උත්සාහ දරනවා. දින 10කට කළින් එහි ගිය ජෝ බයිඩන් ළඟදී ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ ගියවර මැතිවරණයේදී ට්‍රම්ප් දුන් රැකියා පොරොන්දු ඵල දරා නැති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

සමරිසි වැඩසටහනකින් පසු ටිෆනි වඩා ප්‍රචලිත වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මෑතක පැවැත්වුණු ට්‍රම්ප් කඳවුරේ ප්‍රචාරක වැඩසටහනක් ඇමතූ ටිෆනි ගේ වීඩියෝවක් අන්තර්ජාලයේ පළවීමෙන් අනතුරුව, ජනාධිපතිවරයාගේ බාල ම හා වැඩිදෙනා දැන නොසිටි දියණිය හාස්‍යයට ලක්වෙමින් තිබෙනවා.
"මගේ තාත්තා විශ්වාස කරන්නේ මොකක්ද කියා මා දන්නවා" යැයි සැලකිය යුතු ජනතාවක් හමුවේ ඇය පැවසුවා.
දේශපාලනයට කළින් ඔහු (ජනාධිපති ට්‍රම්ප්) - සමරිසි ස්ත්‍රී පුරුෂයින් ඇතුළුව වෙනස් ලිංගික නැඹුරුතාවක් ඇති ප්‍රජාව හඳුන්වන- "LGBQI... IA+ ප්‍රජාවට සහය දුන්නා" යැයි ද ඇය කියා සිටියා.
එහිදී සංක්‍රාන්ති ලිංගිකයින් හැඳින්වීමට යොදන "T" අකුර ඇතුළත් කිරීමට ඇය අමතක කළ බව පවසන විවේචකයින් ඇයගේ පියාගේ පරිපාලනය LGBT අයිතිවාසිකම් අයිතිවාසිකම් හැකිලීම දෙසට එය යොමු කරනවා.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උදාහරණයක් ලෙස ගතහොත්, LGBTQ ප්‍රජාවේ ගැටලු ගැන ජනාධිපති ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කතා කරන්නේ ඉතා කලාතුරකින්. සංක්‍රාන්ති ලිංගිකයින් හමුදා සේවයේ යෙදීම ඔහු තහනම් කළා වගේම ප්‍රසිද්ධ පාසල්වල සංක්‍රාන්තික ශිෂ්‍යයින් ආරක්ෂාව සඳහා ඔබාමා පාලන සමයේ යෙදූ පියවර ඔහු වෙනස් කළා.
ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දෙවැනි විවාහය වූයේ මාර්ලා මේපල්ස් නම් නිළිය සමගයි. එම විවාහයේ එක ම දරුවා වූ ටිෆනි මෙවැනි අවධානයකට ලක්වීම ඇයට එක් අන්දමක වෙනසක්. ටිෆනි සාමාන්‍යයෙන් සිය පියාට එතරම් සමීප යැයි සැලකුණේ නැහැ.
පසුගිය අගෝස්තුවේදී පැවැති රිපබ්ලිකන් ජාතික සමුළුවේදී ටිෆනි කළ කතාව සිය පියා පිළිබඳ පුද්ගලික කතා පිළිබඳ දැනුමකින් තොර වූවක් බව විචාරකයන්ගේ අදහසයි. ඒ වෙනුවට සිදුවූයේ ඔහුගේ ප්‍රතිපත්ති තහවුරු කිරීමක්.

ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් ප්‍රතිවාදීන්: "අපි එකිනෙකාට වෛර කරන්න අවශ්‍ය නැහැ "
සාමාන්‍යයෙන් ඉතා කටුක මැතිවරණයක් ලෙස ගැනෙන මැතිවරණය තුළදී දෙපාර්ශවයෙන් තරග වැද සිටින අපේක්ෂකයින් දෙදෙනෙක් මිත්‍රශීලී හා එක්සත් වී සිටින ආකාරය ද පෙනෙන්නට තිබෙනවා.
එම දේශපාලනඥයින් දෙදෙනා වන්නේ ඩිමොක්‍රටික් පාක්ෂික ක්‍රිස් පීටර්සන් හා ඔහුගේ රිපබ්ලිකන් ප්‍රතිවාදියා වන ආණ්ඩුකාර ස්පෙන්සර් කොක්ස්. දෙදෙනා ම තරඟ වදින්නේ යුටාහ් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරයටයි. බෙදී සිටියත් එක්ව සිටීමට හැකි බව පෙන්වන ප්‍රචාරක වැඩපිළිවෙල මාලාවක් ඔවුන් දියත් කරලා.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
"අප දෙදෙනා ම එකඟවන දේ තිබෙනවා" යැයි කියන කොක්ස්, "වෛර කිරීමකින් තොරව අපිට එකඟ නොවී ඉන්න පුළුවන්" යැයි පවසනවා.
මේ ගැනත් දැනගන්න:































