ඉන්දියාවේ වනෝද්‍යානයකදී දුර්ලභ රයිනෝ පිරිසක් ගිලී මියයති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉතා දුර්ලභ රයිනෝ අට දෙනෙකු ඇතුළු වන සතුන් 100ට වැඩි ප්‍රමාණයක් ඊසාන දිග ඉන්දියාවේ වනෝද්‍යානයක් තුළ මෑතදී හටගත් ජලගැල්මට හසුවී මියගොස් ඇති බව එරට බලධාරීහු පවසති.
ඇසෑම් ප්‍රාන්තයේ පිහිටි කාසිරංගා වනෝද්‍යානය, මෙම සියවස ආරම්භයේදී ලොවින් තුරන්ව යාමට මුහුණ දුන් තනි අඟ ඇති රයිනෝ වැඩිම ගහණයට නිවහන වේ.
මෙම වසරේ මෝසම් වැසි නිසා වනෝද්‍යානයේ 85% ක පමණ ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබේ.
ජල ගැලීම්වලින් ඇසෑම් ප්‍රාන්තයේ, නේපාලයේ සහ බංග්ලාදේශයේ පුද්ගලයන් 200 ට වැඩි ගණනක් මියගොස් මිලියන ගණනක් අවතැන් වූහ.
යුනෙස්කෝ ලෝක උරුම බිමක් වන කාසිරංගා වනෝද්‍යානය තනි අඟ රයිනෝ සතුන් අවම වශයෙන් 2,400 තරම් වූ ප්‍රමාණයකට නිවහන වී තිබේ.
මෙයින් අට දෙනෙක් මෑතදී ජලයට යටවී මියගිය අතර තවත් රයිනෝවෙකු ස්වභාවික හේතු මත පසුගිය මාසයේදී මියගිය බව උද්‍යාන නිලධාරීහු හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතට පැවසූහ.
මුවන්, මී හරකුන් හා ඉත්තෑවුන් ඇතුළු තවත් දුසිම් ගණනක සත්තු ද මිය ගියහ. ඉන් වැඩි ප්‍රමාණය දියේ ගිලී ඇති අතර අනෙක් සතුන් මියගොස් තිබුණේ ජල ගැලීමෙන් මිදී පැන යාමට ගත් උත්සාහයේදී මෝටර් රථවල ගැටීමෙනි.
ඇසෑමයේ ගම්මාන දහස් ගණනක් දැඩි වර්ෂාව මැද ජලයෙන් යටවී ගොස් තිබේ. අවතැන්වුවන්ට නවාතැන් සඳහා සිය ගණනක සහන කඳවුරු ස්ථාපනය කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෝසම් වැසි සමයේදී ඊසාන දිග ඉන්දියාවේ හා අසල්වැසි රටවල ජලගැලීම් හා නායයාම් සාමාන්‍ය තත්ත්වයකි.

නමුත් මෙවර ජලගැලීම් ඇතිවුයේ කොරෝනාවයිරසය පැතිරීම නැවැත්වීම සඳහා ඉන්දියාව අරගලයක යෙදී ඇති පසුබිමකය. දැනට රට පුරා මිලියනයකට අධික රෝගීන් ප්‍රමාණයක් වාර්තාවී ඇති අතර එය ලොව රටවල් අතුරින් තුන්වෙනි විශාලතම රෝගී සංඛ්‍යාව ය.
මෙම තොරතුරු ද දැනගන්න :






























