ඉන්දියාව: කාන්තාවන්ට පොදු ප්‍රවාහනය නොමිලේ සැපයීමට කෙජ්රිවාල් තීන්දු කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දිල්ලි මෙට්‍රෝ දුම්රිය සේවාවේ සියලු දුම්රියවල ධාවනය වන දිශාවේ ඇති පළමු මැදිරිය කාන්තාවන්ට පමණක් වෙන් කර තිබේ
Published
කියවීමේ කාලය: මිනිත්තු 3

ඉන්දියාවේ දිල්ලි පාලන ප්‍රදේශය තුළ කාන්තාවන්ට නොමිලේ පොදු ප්‍රවාහන සේවාවන්හි ගමන් කිරීමට අවස්ථාව සැලසීමට ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් තීරණය කර තිබේ.

ප්‍රධාන ඇමතිවරයා පවසන්නේ බස් රථවල සහ මෙට්‍රෝ දුම්රියවල නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සැලසීමෙන් දිල්ලි නගරයේ කාන්තාවන්ගේ ආරක්ෂාව වර්ධනය වනු ඇති බවය.

දිල්ලි යනු ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ වැඩි ම සංඛ්‍යාවක් වාර්තා වන නගර අතරින් එකකි.

2012 වසරේදී බස් රථයක් තුළදී සිසුවියක සමූහ දූෂණයකට ලක් කර ඇය ඝාතනය කරනු ලැබීමත් සමග දැවැන්ත උද්ඝෝෂණ ආරම්භ විය.

කෙසේ වෙතත්, කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කෙජ්රිවාල් ඉදිරිපත් කරන යෝජනාව උපකාර වනු ඇත්දැයි යන්න ඇතැමුන්ට එත්තු ගැන්වී නොමැත.

කෙසේ වෙතත්, එම තීරණයට දිල්ලි වැසියන්ගෙන් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නැතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

දිල්ලි නගරයේ පිහිටි ඉන්දීය තාක්ෂණ ආයතනයේ සේවය කරන ප්‍රවාහන විශේෂඥයෙකු වන දිනේෂ් මෝහන් බීබීසී පුවත් සේවයට පැවසුවේ, නොමිලේ පොදු ප්‍රවාහන සේවා සැපයීමෙන් ගැටලුවට විසඳුමක් නොලැබෙන බවය.

"මෙට්‍රෝ එකේදි විතරක් ආරක්ෂා වෙලා වැඩක් නෑ. කාන්තාවන් යන එන හැම තැනකදි ම ආරක්ෂාව ගැන හිතන්න ඕන. පාරේ ඇවිදගෙන යන එක කොයිතරම් ආරක්ෂිත කියලා හොයලා බලන්න ඕන. මෙට්‍රෝ දුම්රියපොළට එන අතරතුර ආරක්ෂාව ගැන සිතන්න ඕන. මේ යෝජනාවේ අරමුණ ආරක්ෂාව නම් ඒක හැම පැත්තකින් ම තහවුරු වෙන්න ඕන. ආරක්ෂාව මෙට්‍රෝ දුම්රියපොළෙන් ආරම්භ වෙලා එතනින් අවසන් විය යුතු නැහැ. මම හිතන්නේ නැහැ මේ යෝජනාවෙන් ඒවා ගැන හිතලා තියෙනවා කියලා."

දිල්ලි මෙට්‍රෝ දුම්රිය සේවාවේ සියලු දුම්රියවල ධාවනය වන දිශාවේ ඇති පළමු මැදිරිය දැනටමත් කාන්තාවන්ට පමණක් වෙන් කර තිබේ.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ද දැඩි කතාබහට ලක් වේ.

ආර්ථික විද්‍යාඥයින්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, ඇතැම් කාන්තාවන් පවසන්නේ, ඔවුන් පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් තවදුරටත් මුදල් ගෙවන බවය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

Skip X post, 2

End of X post, 2

Skip X post, 3

End of X post, 3

කෙසේ වෙතත්, මෙම යෝජනාවට පක්ෂව අදහස් පළ කරන්නෝ ද වෙති.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

Skip X post, 5

End of X post, 5

Skip X post, 6

End of X post, 6

Skip X post, 7

End of X post, 7

කෙජ්රිවාල් සිය යෝජනාව නිවේදනය කළ ද, එය සැබවින් ම ක්‍රියාත්මක වන තුරු බලා සිටීමට කාන්තාවන්ට සිදුවනු ඇත.

පළාත් ආණ්ඩුව මෙන්ම ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ද දිල්ලි මෙට්‍රෝ දුම්රිය සංස්ථාවේ සම කොටස්කරුවෙකු වන බැවින් අදාළ යෝජනාවට මධ්‍යම රජයේ අනුමැතිය අවශ්‍ය වේ.

එහෙත්, කෙජ්රිවාල් පවසා ඇත්තේ, මීට අදාළ වියදම් පළාත් ආණ්ඩුව විසින් ගෙවනු ලබන හෙයින් මධ්‍යම ආණ්ඩුවේ අනුමැතියක් අත්‍යවශ්‍ය නොවන බවය.

දිල්ලි පළාත් ආණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍ය කයිලාෂ් ගාලොට් ද පැවසුවේ, මේ සඳහා කිසිදු අනුමැතියක් අවශ්‍ය නොවන බවය.

ඇතැම් පිරිස් චෝදනා කරන්නේ, මෙය කෙජ්රිවාල්ගේ පූර්ව මැතිවරණ උපක්‍රමයක් බවය. දිල්ලි පාලන ප්‍රදේශයේ මැතිවරණය ලබන වසරේදී පැවැත්වීමට නියමිතය.

Skip X post, 8
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 8

දිල්ලි මෙට්‍රෝ දුම්රිය සංස්ථාව මෙතෙක් මේ සම්බන්ධයෙන් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත. එහෙත්, එම ආයතනයේ නියෝජිතයෙකු උපුටා දක්වන 'ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' පුවත්පත වාර්තා කළේ, එම යෝජනාව සම්මත වුවහොත් එය ක්‍රියාත්මක කිරීම "දුෂ්කර" වනු ඇති බවය.

දිල්ලිහි ගෘහ නිර්මාණ ශිල්පිනියක සහ නගර සැලසුම් ශිල්පිනියක වන සෝනල් ෂා ට්විටර් පණිවුඩයක් පළ කරමින් පවසා ඇත්තේ, කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඵලදායී පියවරක් ගැනීම සඳහා කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවය. පොදු ප්‍රවාහන සේවයේ දැනටමත් පවතින ගැටලු රැසකට විසඳුම් ලබා දීමට පළමුවෙන් පියවර ගත යුතු බව ඇය පෙන්වා දී තිබේ.

Skip X post, 9
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 9