ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක

India

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය
Published

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හතර දෙනෙක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අධිකරණයේ වැරදි හැසිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට බාධාවක් වන බව කියා සිටියහ.

එවැනි ප්‍රවෘත්ති සාකච්ඡාවක් සිදුවූ පළමු අවස්ථාව මෙය වන අතර, අගවිනිසුරු දීපක් මිස්රාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය එම තත්ත්වයට හේතුව බව විනිසුරුවරුන් හතර දෙනා පවසති.

අගවිනිසුරු දීපක් මිස්රා මෙතෙක් මෙම චෝදනාවන්ට පිළිතුරු දී නැත.

ඉහත කී විනිසුරු ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසු අගමැති නරේන්ද්‍ර මෝදි සහ අධිකරණ ඇමතිවරයා අතර හදිසි හමුවීමක් සිදු වූ බවත් වාර්තා වෙයි.

"අධිකරණ පද්ධතිය රැක ගෙන එහි ශාන්තභාවය පවත්වාගෙන යාමට නොහැකි වුණොත්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ නැති බව අපි හතර දෙනාට ඒත්තු ගිහින් තියෙන්නේ " විනිසුරු ජස්ටි චෙලමෙස්වාර් (Jasti Chelameswar) දිල්ලි නගරයේ පිහිටි ඔහුගේ නිවසේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පවසා ඇත.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් විසි පස් දෙනා අතරින්, අගවිනිසුරුට පසු ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම විනිසුරුවන් හතර දෙනා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වා ඇති අතර, ඔවුන් විසින් බෙදා හරින ලද ලිපියක සදහන් වී ඇත්තේ අගවිනිසුරු මිස්රා ඉතා වැදගත් නඩු ඔහු විසින් "පදනම් විරහිතව" තෝරා ගත් විනිසුරු මඩුල්ලකට යොමු කරන බවය.

එමගින් නඩුවලට අනවශ්‍ය බලපෑම් කළ හැකි බව විනිසුරුවරු හතර දෙනා තව දුරටත් පෙන්වා දෙති.

India

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජස්ටි චෙලමෙස්වර් (Jasti Chelameswar)

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී ඇති "සමහර අධිකරණ තීන්දු" පිළිබදව තම අසතුට ප්‍රකාශ කරන සිව් පුද්ගල විනිසුරු මඩුල්ල එමගින් "අධිකරණ ක්‍රියාවලියට අහිතකර බලපෑම් එල්ල කෙරෙන බවත් " පවසති.

අගවිනිසුරු දීපක් මිෂ්රා ඔවුන්ට ඇහුම්කම් දීම ප්‍රතික්ෂේප කළ හෙයින් මෙම තත්ත්වය ප්‍රසිද්ධියේ හෙළි කර සිටීමට සිදු වූ බවත් සිව් පුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළහ.

මේ තොරතුරුද දැනගන්න:

2014 දී සිදු වු පහළ උසාවියක විනිසුරුවරයකු වූ බී. එච් ලෝයාගේ මරණය මෙම ගැටුමට එක් හේතුවක් බව රංජන් ගොගෝයි (Ranjan Gogoi) විනිසුරුවරයා පවසයි..

විනිසුරු ලෝයාගේ මරණය සිදු වූයේ භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥයෙකු වූ අමිත් ෂා මිනී මැරුමක් සඳහා නියෝග කිරීමේ චෝදනාවට වරදකරු කෙරෙන තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට ටික දිනකට පෙර වීම විශේෂත්වයකි.

එම මිනීමැරුම් නඩුව ඇසීමට පත් කළ නව විනිසුරුවරයා අමිත් ෂාගේ නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් නඩු තීන්දුවක් දී ඇත.

විනිසුරු ලෝයා හදිසි හෘදයාබාධයකින් මිය ගිය බව වාර්තා වුණත්, ඔහුගේ මරණය සැක සහිත යැයි පවසමින් ඉදිරිපත් වූ පෙත්සමක් මේ දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය ඩේ විභාග වෙමින් ඇත.

විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව දුෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවක් හසුරුවන ආකාරය ද සතුටුදායක නොවන බව ඉන්දියානු මාධ්‍යය පසුගිය වසර අග භාගයේ වාර්තා කර ඇත.