ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මුම්බායි නුවර සාප්පු සංකීර්ණයක් තුළ විශාල ගින්නක්
මුම්බායි නුවර තට්ටු නිවාස සංකීර්ණයක් ගිනි ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන මෙන් ඉන්දීය බලධාරීන් විසින් නියෝග කරනු ලැබ ඇත.
කාර්යාලයක් සහ අවන්හලක් පිහිටි ගොඩනැගිල්ල විශාල ගින්නකට ගොදුරු වීමෙන් පහළොස් දෙනෙකු මරණයට පත්වූ බව ඉන්දීය බලධාරීහු පවසති.
'කමලා මිල්ස්' (Kamala Mills) නම් එම ප්‍රසිද්ධ අවන්හල සහිත සාප්පු සංකීර්ණය තුළ මධ්‍යම රාත්‍රියේදී ඇතිවූ ගින්නෙන් ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇති බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
එම අනතුරෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර කිහිප දෙනෙකු රෝහල්ගත කර ඇත.
'ටයිම්ස් ඔෆ් ඉන්දියා' (Times of India) වාර්තා කරන පරිදි, ගින්න ඇවිලීමත් සමගම අවන්හලේ සිටි බොහෝ අමුත්තන් එහි නාන කාමරයට ඇතුළු වී ඇති අතර ඔවුන් එහි සිර වී ඇත.
සියලු මරණ සිදුවී ඇත්තේ හුස්ම හිර වීමෙන් බව රෝහලේ වෛද්‍යවරු පවසන බව 'ටයිම්ස් ඔෆ් ඉන්දියා' (Times of India) වැඩි දුරටත් වාර්තා කරයි.
මරණයට පත් සහ තුවාල ලැබූ පිරිසෙන් වැඩි ප්‍රමාණයක් සාදයකට සහභාගී වූ කාන්තාවන් වන අතර, සිය විසිඅට වැනි උපන්දිනය සමරමින් සිටි කාන්තාවක් ද මියගිය අය අතර සිටින බව ඇයගේ සීයා රොයිටර්ස් පුවත් සේවයට පවසා ඇත.
මේ තොරතුරුද දැනගන්න: