ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාව 'බ්‍රහ්මෝස්' සාර්ථක බව කියයි
ශබ්දයේ වේගයෙන් ගමන් ගන්නා කෘස් මිසයිලයක් සාර්ථකව අත්හදා බලන ලද බව ඉන්දියාව නිවේදනය කරයි.
එම මිසයිලය නම් කරනු ලැබ තිබෙන්නේ 'බ්‍රහ්මෝස්' (Brahmos)යනුවෙනි.
ඉන්දීය ආරක්ෂක ඇමතිනී නිර්මලා සීතාරාමම් නිවේදනයක් නිකුත් කරමින් මිසයිලය සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට ඇයගේ ස්තුතිය පළ කළාය .
ආරක්ෂක ඇමතිවරිය විසින් එය විග්‍රහ කරන ලද්දේ 'ඓතිහාසික ජයග්‍රහණයක්' හැටියටයි.
'බ්‍රහ්මෝස්' ඉන්දු-රුසියානු ඒකාබද්ධ ව්‍යාපෘතියකි.
මිසයිලය මුදා හරිනු ලැබ තිබෙන්නේ බෙංගාල බොක්කට ඉහළ අහසේ දී ප්‍රහාරක ජෙට් යානයක සිටයි.
'බ්‍රහ්මෝස්' (Brahmos ) මිසයිලය ගුවනේ දී මෙන්ම දියමත සිටද, ගොඩබිම සිටද ප්‍රහාර සඳහා යොදාගත හැකි බව විශ්ලේෂකයෝ පවසති.
ඉන්දියාව සඳහා තමන්ගේම ආරක්ෂක ව්‍යුහයක් සංවර්ධනය කරන බවට අගමැති නරේන්ද්‍ර මෝඩි ප්‍රතිඥාවක් දී ඇත.
'අග්නි පහ'
ඉන්දියාව 2016 වසරේ දෙසැම්බර් මාසයේ 'අග්නි පහ' නමැති දුර විහිදුම් මිසයිලය සාර්ථක ලෙස අත්හදා බලා ඇත.
'අග්නි ෆයිව්' ඉන්දියාව විසින් මෙතෙක් අත්හදා බලනු ලැබූ වැඩිම දුරකට ප්‍රහාර එල්ල කළ හැකි මිසයිල විශේෂයයි.
කිලෝ මීටර් පන්දහසක දුර ප්‍රහාරයක් එල්ල කළ හැකි 'අග්නි පහ' දුර විහිදුම් මිසයිලවලට ඉන්දියාවේ කලාපීය ප්‍රතිවාදියා වන චීනය ඇතුළු ආසියාතික රටවල් බොහෝමයක් ඉලක්ක කිරීමේ හැකියාව පවතී.
මෙම විශේෂ දුර විහිදුම් මිසයිල මගින් න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින අතර ඉන්දියාව ප්‍රථම වරට සිය අත්හදා බැලීම් ආරම්භ කළේ මීට වසර හතරකට පෙරයි.
නරේන්ද්‍ර මෝඩිගේ රජය ඉතා විශාල වශයෙන් මිසයිල අත්හදා බැලීම් සහ ජාතික ආරක්ෂණ වැඩ පිළිවෙළ වෙනුවෙන් මුදල් වෙන් කොට ඇති අතර, නුදුරු අනාගතයේදී ඉන්දියාව ලෝක බලවතෙකු ලෙස ස්ථාවර කිරීම ඔවුන්ගේ පරමාර්ථය බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
සබැඳි පුවත්;