ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශෂී වීරවංශගේ අභියාචනය ප්රතික්ෂේපයි: වසර දෙකක සිර දඬුවම මහාධිකරණය ස්ථිර කරයි
අවිධිමත් විදේශ ගමන් බලපත්රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිර දඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය බ්රහස්පතින්දා (ජූනි 11) ප්රතික්ෂේප කළේ ය.
තීන්දුව ප්රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සඳහන් කළේ, අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් දෙන ලද තීන්දුව ස්ථීර කරන බව ය.
මෙම චෝදනාවට වරදකරු කෙරුණු ශෂී වීරවංශට 2022 වසරේ කොළඹ මහේස්ත්රාත් අධිකරණය වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබිණි.
ඒ අනුව, එම දඬුවම්වලින් තමා නිදහස් කරන ලෙස ඉල්ලා ඇය කොළඹ මහාධිකරණය වෙත මෙම අභියාචනය ඉදිරිපත් කර තිබිණි.