ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අග්නි පහ'; කිලෝමීටර් පන්දාහක දුර විහිදුම් මිසයිලයක්
ඉන්දියාව සාර්ථක ලෙස නව 'අග්නි පහ' දුර විහිදුම් මිසයිල අත්හදා බැලීම සම්පූර්ණ කොට තිබේ.
'අග්නි ෆයිව්' ඉන්දියාව විසින් මෙතෙක් අත්හදා බලනු ලැබූ වැඩිම දුරකට ප්‍රහාර එල්ල කළ හැකි මිසයිල විශේෂයි.
කිලෝ මීටර් පන්දහසක දුර ප්‍රහාරයක් එල්ල කළ හැකි 'අග්නි පහ' දුර විහිදුම් මිසයිලවලට ඉන්දියාවේ කලාපීය ප්‍රතිවාදියා වන චීනය ඇතුළු ආසියාතික රටවල් බොහෝමයක් ඉලක්ක කිරීමේ හැකියාව පවතී.
මෙම විශේෂ දුර විහිදුම් මිසයිල මගින් න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින අතර ඉන්දියාව ප්‍රථම වරට සිය අත්හදා බැලීම් ආරම්භ කළේ මීට වසර හතරකට ඉහතදීයි.
නරේන්ද්‍ර මෝඩිගේ රජය ඉතා විශාල වශයෙන් මිසයිල අත්හදා බැලීම් සහ ජාතික ආරක්ෂණ වැඩ පිළිවෙළ වෙනුවෙන් මුදල් වෙන්කොට ඇති අතර නුදුරු අනාගතයේදී ඉන්දියාව ලෝක බලවතෙකු ලෙස ස්ථාවර කිරීම ඔවුන්ගේ පරමාර්ථය බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.