ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාවේ රෝහල් ගින්න: අයිතිකරු අත්අඩංගුවට
ඉන්දියාවේ රෝහලක රෝගීන් විසි දෙනෙකුට මරු කැඳවමින් පැතිරුණු ගින්න සම්බන්ධයෙන් රෝහල් අයිතිකරු අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය පවසයි.
ඔරිස්සා ප්‍රාන්තයේ SUM පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ මනෝජ් නායක් ඊයේ (ඔක්. 19) පොලිසිය වෙත භාර වූ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගැනිණ.
නායක්ට අමතරව වෛද්‍යවරයකු ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයේ සිව් දෙනකු ගින්න ඇතිවීම සම්බන්ධයෙන් සැකපිට පොලිස් භාරයට ගනු ලැබ තිබේ.
පසුගිය සඳුදා රෝහලේ හටගත් ගින්න දැඩි සත්කාර ඒකකය දක්වා පැතිර ගිය අතර ගින්නට හේතුව විදුලි කාර්මික දෝෂයක් බව විශ්වාස කෙරේ.
ඔරිස්සා ප්‍රාන්ත පොලිස් ප්‍රධානී කුන්වාර් බ්‍රාජේෂ් සිං පැවසුවේ සම්පූර්ණ රෝහල් කාර්යමණ්ඩලය සහ රෝහලේ නඩත්තු කටයුතු මෙහෙයවන අධ්‍යක්ෂක මනෝජ් නායක්ට අමතරව රෝහල් වෛද්‍ය අධිකාරීවරයා, ගිනිගැනීම් වැළැක්වීම භාර නිලධාරීන් සහ විදුලි කාර්මික අංශයේ සේවකයන් කීපදෙනෙකු ද මේ වන විට පොලිස් භාරයේ සිටින බවය.