
මදුරාසියේ එග්මෝර් (Egmore) හි පිහිටි ලංකා බැකු ශාඛාවට කඩා වැදුනු කණ්ඩායම තවමත් හඳුනාගෙන නොමැති බව පොලීසිය පවසයි.
අද සවස 1.30 ට පමණ බැංකුවට කඩා වැදුණු මේ පිරිස මුහුණු ආවරණ පැළදගෙන සිටි අතර මුලින්ම මුර සේවයේ සිටි පොලිස් භටයන්ට පහර දී තිබේ.
පසුව ඉහල මාලයට ගිය ඔවුන් එහි තිබුණු ගෘහ භාණ්ඩ සහ වීදුරු කඩා බිඳ දමා ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව පොලීසිය පැවසුවේය.












