ජනපති ඉන්දීය සංචාරය: ව්‍යාපාරික සහයෝගිතාවට අවැසි 'කොන්දේසිය' ඉන්දියාව පහදයි

ගෝඨාභය ඉන්දීය සංචාරය:

ඡායාරූප මූලාශ්‍රය, PMO - India

Published
කියවීමේ කාලය: මිනිත්තු 3

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුව සිකුරාදා (නොවැ: 29) නවදිල්ලි නුවර පිහිටි හයිදරාබාද් හවුස්හිදී සිදුවිය.

එම හමුව සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිංහල බසින් ට්විටර් ඔස්සේ සිය සතුට පළ කර තිබීම විශේෂත්වයකි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරු ගෝඨාභය රාජපක්ෂ සහ නරේන්ද්‍ර මෝදි ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට ද එක්විය.

ගෝඨාභය ඉන්දීය සංචාරය:

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ, "සමානාත්මතාව, යුක්තිය, සාමය සහ ගෞරවය වෙනුවෙන් දෙමළ ජනයාගේ අභිලාෂයන් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනු ඇතැයි තමන් විශ්වාස," කරන බවය.

දෙරටේ අන්‍යොන්‍ය ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහි අන්‍යොන්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති රාජපක්ෂ සමග විස්තරාත්මකව සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට ඉන්දියාවේදී ත්‍රස්ත මර්දන පුහුණුව ලබා දීමට කටයුතු කරන බවත් නරේන්ද්‍ර මෝදි පැවසීය.

ඔහු කියා සිටියේ, තමන්ගේ රජය 'අසල්වැසියා පළමු කොට සලකන' ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බවය.

මෙහිදී ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සහ ආර්ථිකය සංවර්ධනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ණය යෝජනා ක්‍රමයක් සහ ත්‍රස්ත මර්දනය සඳහා ආරක්ෂක සේවා පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය මුදලක් ලබා දීමට එකඟ විය.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ, ඉන්දියාව ලබා දෙන ආර්ථික සහය සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවය.

තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවලදී දෙරටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බව ඔහු පැවසීය.

ජනාධිපති ගෝඨාභයගේ ඉන්දීය සංචාරය

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධූරයට පත් වීමෙන් පසු නිරත වන පළමු නිල විදෙස් සංචාරය අරඹමින් බ්‍රහස්පතින්දා (නොවැ: 28) ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා විය.

ඒ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල සහ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග යන නිලධාරීන් ද සමගිනි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් විසින් නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ගෝඨාභය ඉන්දීය සංචාරය:

ඡායාරූප මූලාශ්‍රය, Gotabhaya Rajapaksa/Twitter

ගෝඨාභය ඉන්දීය සංචාරය:

ඡායාරූප මූලාශ්‍රය, MEA - India

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

සිකුරාදා (නොවැ: 29) පෙරවරු 9.45ට පමණ ගෝඨාභය රාජපක්ෂ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් හමුවී සාකච්ඡා කළේය.

"ආර්ථික සංවර්ධනය අරමුණු කර ගත් අන්‍යොන්‍ය ප්‍රතිලාභ සහිත නව ප්‍රවේශයකින් ඉන්දු - ශ්‍රී ලංකා සබදතා නව යුගයකට ගෙන යාම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අපේක්ෂාව වන," බව එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, "ගුණාත්මක අගයෙන් ඉහළ පාලන තන්ත්‍රයක් පැවතීම යන කොන්දේසිය මත දෙරට අතර ව්‍යාපාරික සහයෝගීතාව වර්ධනය වනු ඇති," බවට ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පැවසූ බවය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ, එවිට විදේශ ආයෝජන ගලාගෙන එනු ඇති බවය.

ගෝඨාභය ඉන්දීය සංචාරය:

අනතුරුව පෙරවරු 11.00ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණි.

එහිදී, ඔහු වෙනුවෙන් හමුදා ගෞරවාචාර පුද කරනු ලැබීය.

ගෝඨාභය ඉන්දීය සංචාරය:

ඡායාරූප මූලාශ්‍රය, MEA - India

ගෝඨාභය ඉන්දීය සංචාරය:

ඡායාරූප මූලාශ්‍රය, NArendra Modi/Twitter

පසුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නවදිල්ලියේ රාජ්ඝට්හි පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.

ගෝඨාභය ඉන්දීය සංචාරය:

ඡායාරූප මූලාශ්‍රය, MEA - India

නවදිල්ලි නුවර පිහිටි හයිදරාබාද් හවුස්හිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුව සිදුවිය.

ගෝඨාභය ඉන්දීය සංචාරය:

ඡායාරූප මූලාශ්‍රය, NArendra Modi/Twitter

ගෝඨාභය ඉන්දීය සංචාරය:

ඡායාරූප මූලාශ්‍රය, PMO - India

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට පැමිණියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවය.

තෙදින නිල සංචාරයක නිරත වන ගෝඨාභය රාජපක්ෂ සෙනසුරාදා (නොවැ: 30) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

තවදුරටත් කියවන්න.