ඊශ්‍රායලයට අමතකව ගිය තායි සේවකයෝ: “අපි ඉතා අපිරිසුදු ස්ථානවල ජීවත් වන්නේ”

වීඩියෝ ශීර්ෂ වැකිය, “අපි ඉතා අපිරිසිදු ස්ථානවල ජීවත් වන්නේ”
Published

දහස් ගණන් තායි ජාතික සේවකයෝ වඩාත් හොඳ අනාගතයක් සඳහා තම මව්බිමෙන් එතෙර රැකියා සඳහා පිටත්ව යති.

විශාල මුදලක් ඉපයීම අපේක්ෂාව වුවද, ඔවුන්ගේ බලාපොරොත්තු ඛේදවාචකයක් බවට පත් වී තිබේ.

අවාසනාවට සමහර පුද්ගලයන්ට ඊට ඔරොත්තු දීමට නොහැකිවන අතර, ඔවුන් නැවත සියරට එන්නේ මෘතදේහ ලෙසය.

ඊශ්‍රායලයේ වෙසෙන තායි සේවකයන්ගේ ජිවිත පිළිබඳ බීබීසී තායි කණ්ඩායම කළ ගවේෂණයෙදී, කෘෂිකාර්මික ගොවිපොළවල් 50 කට වඩා ගිය අතර සිය ගණනක් සේවකයන්ගේ අදහස් වාර්තාගත කිරීමට සමත් විය.

BBC

2012 වසරේදී තායිලන්තය සහ ඊශ්‍රායලය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කම්කරු රැකියා ගිවිසුමකට අත්සන් කළ අතර, එම නිල යෝජනා ක්‍රමයේ කොටසක් ලෙස මේවන විට 25,000 ක පමණ තායි සේවකයෝ ඊශ්‍රායලයේ සේවය කරති.

මෙම ගවේෂණාත්මක වාර්තාකරණයේදී, ශ්‍රමය සුරාකෑමේ පුවත් මෙන්ම, ඉසිලිය නොහැකි කාර්යයන් කිරීමට සිදුවන අවස්ථා සහ සේවක අයිතීන් උල්ලංඝනය වීමේ අවස්ථා ද වාර්තා විය.

BBC

තමන්ට නිත්‍යානුකූල අවම වැටුපට වඩා අඩු වැටුප් ගෙවන බවත්, සේවා තත්ත්වයන් සේවා ගිවිසුමෙන් එකඟ වූ මට්ටමට ලඟාවී නොමැති බවත්, බොහෝ තායි සේවකයෝ අපට පැවසුහ.

ඔවුන් වාසය කරන සේවක නිවාස දැඩිසේ අපවිත්‍ර සහ සෞඛ්‍යාරක්ෂිත නොවන බවද ගවේෂණයේදී හෙළි විය.

170 ක් ඉක්මවූ සංක්‍රමණික තායි සේවකයන් තම සේවා ස්ථානයේදී මියගොස් තිබේ.

තමන් අපිරිසුදු පරිසරයක ජීවත්වන බවත්, වැඩ අධික මෙන්ම නිසි වැටුප් නොලබන බවත් තායි සේවකයෝ බීබීසී කණ්ඩායමට පැවසුහ.

මේ ගැනත් දැනගන්න:

BBC
ඡායාරූප ශීර්ෂ වැකිය, සේවක නිවාසවල තත්ත්වය

කෘෂි භෝග සඳහා රසායන යෙදීම අතින් ඊශ්‍රායලය ලෝකයේ ඉහළින් ම සිටින අතර නිසි ආරක්‍ෂක ක්‍රමවේද අනුගමනය නොකරන බැවින් රසායනික ද්‍රව්‍ය ඉසීමේදී තමන් වඩාත් බියෙන් සිටි බව ඔවුන් පැවසීය.

එසේම දිගු කාලයක් කෘෂි රසායනවලට නිරාවරණය වීම හේතුවෙන් බොහෝ සේවකයන් රෝගීන් වී තිබේ.

රෝගී අවස්ථාවල නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට තම හාම්පුතුන් කටයුතු නොකළ බවද තායි සේවකයෝ බීබීසී ගවේෂණ කණ්ඩායමට පැවසුහ.

බීබීසී තායි සේවයේ, ඉස්සරියා ප්‍රයිතොන්ග්යෑම් කළ ගවේෂණයක් ඇසුරෙනි.

සබැඳි පුවත්: