පිලිපීන ගෘහ සේවිකාවන් ගැන මතභේදාත්මක වීඩියෝවක් පළ කළ කුවේට් රූපලාවණ්‍ය ශිල්පිනිය

ඡායාරූප මූලාශ්‍රය, INSTAGRAM/SONDOS ALQATTAN
කුවේට්හි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව ඇති කාන්තාවක් එරට සේවය කරන පිලිපීන ගෘහ සේවිකාවන් පිළිබඳ පළ කළ මතයකට එරෙහිව දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.
නව නීති අනුව පිලිපීන ගෘහ සේවිකාවන්ට සතියකට දිනක් නිවාඩු ලබා දිය යුතු අතර, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රය තමන් සන්තකයේ තබා ගැනීමට අවසර ඇත. සොන්දෝස් අල්ඛතාන් (Sondos Alqattan) අදාළ නීති විවේචනය කරමින් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ වීඩියෝවක් පළ කර තිබේ.
එම වීඩියෝව සිය ගිණුමෙන් ඉවත් කර ඇතත්, ඇය පවසන්නේ තමන්ට එල්ල වන චෝදනා "අසාධාරණ" බවය.
සමාජ ජාල ඔස්සේ රූපලාවණ්‍ය පාඨමාලා පවත්වන සොන්දෝස් අල්ඛතාන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මිලියන 2.3ක අනුගාමිකයන් පිරිසක් සිටී.
"මම අතීතයේදී හෝ වර්තමානයේදී කිසිම අවස්ථාවක... මගේ සේවකයෙකු පහත් කර හෝ නොසළකා හැර නැහැ," අඟහරුවාදා (ජූලි 24) ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කළාය.
"මම සිතන්නේ සෑම සේවකයෙක්ම එක සමාන මනුෂ්‍යයන් ලෙසයි"
මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Instagram post
සොන්දෝස් අල්ඛතාන් සමග එක් වී සිටි රූපලාවණ්‍ය සමාගම් මෙම සිද්ධියත් සමග ඇයගෙන් ඉවත් වෙමින් සිටිනු දක්නට ලැබේ.
"අපි සොන්දෝස් අල්ඛතාන් පළ කර ඇති අදහසට සම්පූර්ණයෙන් විරුද්ධ වෙනවා. ඇයගේ ප්‍රකාශයෙන් 'මිකලෙෆ්' (Micallef) වෙළෙඳනාමය නියෝජනය වෙන්නේ නැහැ" යැයි මිකලෙෆ් සුවඳ විලවුන් ආයතනයේ ප්‍රකාශක බීබීසී සේවය වෙත පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, INSTAGRAM/SONDOS ALQATTAN
තවත් රූපලාවණ්‍ය ආයතන ට්විටර් පණිවිඩ නිකුත් කරමින් පවසා තිබුණේ, සොන්දෝස් අල්ඛතාන්ගේ අදහස් සිය වෙළෙඳනාම නියෝජනය නොකරන බවය.
'මානුෂීය හැඟීමක් නැහැ'
"ගමන් බලපත්‍රයක් ළඟ තබාගෙන ඉන්න සේවිකාවක් ඔබ කොහොමද ගෙදරක තියාගන්නේ? නරකම දේ තමයි ඔවුන්ට සතියේ එක දවසක් නිවාඩු දෙන එක. මට තවදුරටත් පිලිපීන ගෘහ සේවිකාවන් එපා" යැයි සොන්දෝස් අල්ඛතාන් ජූලි මස මුල පළ කළ මතභේදයට තුඩු දුන් වීඩියෝවේ ප්‍රකාශ කර තිබේ.
මෙය බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක් විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1

End of X post, 2

End of X post, 3
විදේශ රටවල රැකියාවේ නියුතු පිලිපීන සේවිකාවන්ට උපදෙස් ලබා දෙන 'මයිග්‍රන්ට් ඉන්ටර්නැෂනල්' (Migrante International) නම් සංවිධානය සොන්දෝස් අල්ඛතාන්ගේ ප්‍රකාශය "දැඩි ලෙස හෙළා දකිනවා" යැයි පැවසීය.
"ඇය සියලුදෙනාගෙන්ම පොදුවේ සමාව ලබා ගන්න ඕනෙ වගේම ඇය කළ අප්‍රසන්න ප්‍රකාශය ගැන පසුතැවිලි වෙන්න ඕනෙ කියලා අපි තරයේ කියා සිටිනවා"
"ඒ වගේම ඇය පිලිපීනයට ගොස් ඔවුන් දුප්පත්කමින් දැඩි ලෙස පීඩා විඳින ආකාරය බලනවනම්, එය බොහොම වටිනවා... ඔවුන් පිටරට යන්න කලින් කෙතරම් දුක් ගැහැට විඳිනවදැයි ඇය දකින්න ඕනෙ," මයිග්‍රන්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය තවදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පිලිපීන විදේශ අමාත්‍යාංශයට අනුව දෙලක්ෂ පනස්දහසකට අධික පිලිපීන ගෘහ සේවිකාවන් පිරිසක් කුවේට්හි රැකියාවේ නිරත වේ.
පිලිපීන ගෘහ සේවිකාවක් ඝාතනය කර අයිස් පෙට්ටියක දමා තිබියදී සොයා ගැනීමේ සිද්ධියෙන් පසු, පිලිපීනයෙන් කුවේට් වෙත ගෘහ සේවිකාවන් යැවීම තාවකාලිකව නතර කරන ලදී.
කුවේට් සහ පිලිපීනය අතර සේවක අයිතීන් සම්බන්ධයෙන් අත්සන් කළ ගිවිසුමකින් පසු මෙම වසරේ මැයි මස සිට එම තහනම ඉවත් කර තිබේ.
මේ තොරතුරුද කියවන්න: