ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් සමුගනී

ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් සමුගනී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකේය ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අද (අප්‍රේල් 29) කොළඹදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු 99 වෙනි වියේ පසුවිය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කෙරෙහි අවසන් වරට රටේ අවධානය යොමු වූයේ අප්‍රේල් මස 5 වෙනිදාට යෙදී තිබූ ඔහුගේ උපන්දින උත්සවය පිළිබඳ තොරතුරු මාධ්‍ය ඔස්සේ ජනතාව හමුවට යාමත් සමගිනි.

එම උත්සවයට එක්වූ පිරිස අතර ජනාධිපතිවරයා ද විය.

ශ්‍රී ලාංකේය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ය.

රේඛාව, නිධානය, ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, සංදේශය, ගොලු හදවත, වීර පුරන් අප්පු, බද්දේගම, දෑස නිසා, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණයෙන් නිමැවුණු සිනමා සිත්තම් අතරින් කිහිපයකි.