2024 ජනාධිපතිවරණය: දිගාමඩුල්ල දිස්ත්‍රික්කය - කල්මුනේ මැතිවරණ බලප්‍රදේශය
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කල්මුනේ මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 26,873ක් ලබා ජයග්‍රහණය කරයි.
ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අමාත්‍යංශ ලේකම්වරු දෙදෙනෙකු පත් කර තිබේ.ඒ අනුව එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ආරක්ෂක ලේකම් ධුරයටත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයටත් පත් කර තිබේ. කේ.ආනන්ද විජයපාල ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස පත් කර තිබේ.
සංස්කරණය ඉෂාරා ධනසේකර, ප්‍රවෘත්ති සංස්කාරක, බීබීසී සිංහල / සම්පත් දිසානායක , ජ්‍යෙෂ්ඨ ඩිජිටල් වාර්තාකරු, බීබීසී සිංහල
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කල්මුනේ මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 26,873ක් ලබා ජයග්‍රහණය කරයි.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 22,336ක් ලබා ජයග්‍රහණය කර තිබේ.
අනුරාධපුරය දිස්ත්‍රික්කයේ මිහින්තලේ මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 26,034ක් ලබාගෙන තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 27,599ක් ලබා එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.
යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව පී. අරියනේත්තිරන් ඡන්ද 5,726ක් ලබා එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.
වන්නි දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 95,422ක් ලබා එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබේ.
අනුරාධපුරය දිස්ත්‍රික්කයේ කැකිරාව මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 31,632ක් ලබා එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 26,527ක් ලබා එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 31,371ක් ලබා එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර අනුරාධපුර මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 39,348ක් ලබා එම බල ප්‍රදේශය ජයගෙන තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිගිරිය මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 28,592ක් ලබා එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 221,913ක් ලබාගෙන එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 35,428ක් ලබා ගනිමින් එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.
වන්නි දිස්ත්‍රික්කයේ වව්නියාව මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 33,731ක් ලබාගෙන එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ සෙංකඩගල මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 30,655ක් ලබාගෙන එම බලප්‍රදේශය ජයගෙන තිබේ.
ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමත් සමග මේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.
අපේක්ෂකයින් 38 දෙනෙකු තරග කළ මෙම ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් කුමක් විය හැකි ද?
50% නොලැබුණොත් ආයෙත් ඡන්දයක් තියන්න වේවි ද?
නැත. එවැනි අවස්ථාවක අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් තිබේ.
අපේක්ෂකයින් කිසිවෙකුට හෝ 50% ඡන්ද ප්‍රතිශතය ලබා ගැනීමට නොහැකි වුවහොත් ජයග්‍රාහකයා මේ ආකාරයෙන් තෝරා ගැනේ.
වැඩි ම ඡන්ද ගණනක් ලබා ගෙන ඇත්තේ A සහ B යන අපේක්ෂකයින් දෙදෙනා නම් ඔවුන් ලැබූ ඡන්ද සංඛ්‍යාව මුල් වටයේදී ම දැන ගැනීමට හැකියාව තිබේ.
ඉන් අනතුරුව අනෙක් අපේක්ෂකයින්ට ඡන්දය ලැබුණු ඡන්ද පත්‍රිකාවල දෙවන මනාපය Aට හෝ Bට ලැබී ඇති දැයි බැලීම සිදු කරයි.
එහිදී දෙවන මනාපය Aට ලැබී ඇති නම්, එම සංඛ්‍යාව Aට අයත් ඡන්ද ගොඩට එකතු වන අතර දෙවන මනාපය Bට ලැබී ඇති නම් එම සංඛ්‍යාව Bගේ ඡන්ද ගොඩට එකතු වෙයි.
අනෙක් අපේක්ෂකයින්ට ඡන්දය ලැබුණු ඡන්ද පත්‍රිකාවල දෙවන මනාපය Aට හෝ Bට ලැබී නොමැති නම් එම ඡන්ද පත්‍රිකාවල තුන්වන මනාපය සලකා බැලීම සිදු වේ. එලෙස තුන්වන මනාපය Aට හෝ Bට ලැබී ඇත්නම් ඒවා අදාළ අපේක්ෂකයාගේ ඡන්ද ගොඩට එකතු වෙයි.
එවැනි අවස්ථාවක වැඩි ඡන්ද ගණනක් ලබා ගත් අපේක්ෂකයා 50% ප්‍රතිශතය ඉක්මවා ගොස් ඇතැයි ද යන්න නොසලකයි.
Aට හෝ Bට කිසිදු අමතර මනාපයක් නොමැති නම්, ඡන්ද ගණන වැඩි අපේක්ෂකයා ජනාධිපති ධූරයට තේරී පත් වෙයි.
කෙසේ වෙතත්, ඡන්ද සමාන වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවට කුසපත් ඇදීමකින් ජයග්‍රාහකයා තෝරා ගැනීමට හැකියාව පවතී.
මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 41,067ක් ලබාගෙන එම බලප්‍රදේශය ජයගෙන තිබේ.
වන්නි දිස්ත්‍රික්කයේ මන්නාරම මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 28,491ක් ලබාගෙන එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 31,859ක් ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 29760 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.