ආපදා මරණ ගණන 639ක් දක්වා ඉහළට

මෙරටට බලපෑ ආපදා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 639ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන් පුද්ගලයින් සංඛ්‍යාව 203ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

සාරාංශය

  • ආපදා මරණ ගණන 639ක්: 203 දෙනෙකු අතුරුදන්
  • නැවත දැනුම් දෙන තුරු විශාල රුධිර කඳවුරු සංවිධානය නොකරන්නැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය දැනුම් දෙයි
  • දිට්වා සුළි කුණාටුවේ ව්‍යසනයට ලක්වූ දිස්ත්‍රික්ක නම් කෙරේ
  • පවුල් 529,741ක පුද්ගලයින් 1,824,771 දෙනෙකු පීඩාවට
  • නිවාස 5,350ක් සම්පූර්ණයෙන් විනාශ වෙයි
  • ශ්‍රී පාදස්ථානයට ගමන් කරන මාර්ගයේ පැවති අවහිරතා ඉවත් කෙරේ
  • 'සීරුවෙන් සහ ක්‍රමානුකූලව හිස එසවීමට පොර බදිමින් සිටි රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි' - ජනපති
  • හදිසි ආපදා තත්ත්වයකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අමතන්න - 117

සජීවී වාර්තාකරණය

  1. ආපදා මරණ ගණන 334ක් දක්වා ඉහළට

    ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, තවත් පුද්ගලයින් 370 දෙනෙකු අතුරුදන්ව ඇති බව යි.

    ආපදා හේතුවෙන් පවුල් 309,607කට අයත් පුද්ගලයින් 1,118,929 දෙනෙක් පිඩාවට පත්ව සිටිනවා.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප.ව. 6:00ට නිකුත් කළ වාර්තාව අනුව වැඩි ම මරණ ගණනක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. එම ගණන 88ක් ලෙස සටහන් වී තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 71 සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 68ක් වාර්තා වී තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 37ක් වාර්තා වී ඇති අතර ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 12ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

  2. වෙන්නප්පුව - ලුණුවිල පාලම අසලදී ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කළ හදිසි ගොඩබෑමෙන් එහි සිටි නියමුවෙක් ජීවිතක්ෂයට

    Helicopter Crash

    ඡායාරූප මූලාශ්‍රය, Facebook / Screenshot

    වෙන්නප්පුව - ලුණුවිල පාලම අසලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් හදිසි ගොඩබෑමක් සිදු කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා බීබීසී සිංහල වෙත තහවුරු කළා.

    ලේකම්වරයා කියා සිටියේ, එම ස්ථානයෙන් ගලා බසින ගඟට එම හෙලිකොප්ටර් යානය හදිසි ගොඩබෑමකට ලක් කර ඇති බවයි.

    එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු 5 දෙනා රෝහල්ගත කරන ලද අතර එහි නියමුවෙකු වූ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළා.

  3. ආපදා මරණ ගණන 200 ඉක්මවයි

    කොත්මලේ රම්බොඩ ගම නාය ගොස් තිබු අයුරු

    ඡායාරූප මූලාශ්‍රය, Kavindu Gishan

    අද පස්වරු 4 වන විට ආපදා හේතුවෙන් සිදුවූ මරණ ගණන 212ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පුද්ගලයින් 218 දෙනෙක් අතුරුදන් වී ඇති බව ය.

    පවුල් 273,606ක පුද්ගලයින් 998,918 දෙනෙකු විපතට පත්ව තිබෙනවා.

  4. මන්නාරමේ සිර වී සිටි ජනතාව මුදාගත් ගුවන් මෙහෙයුම

    වීඩියෝ ශීර්ෂ වැකිය, මන්නාරමේ සිර වී සිටි ජනතාව මුදාගත් ගුවන් මෙහෙයුම
  5. ත්‍රිකුණාමලය මාවිල්ආරු වැව් බැම්මේ කොටසක් කැඩී යාමෙන් ආපදාවට ලක්වූ පුද්ගලයන් 309ක් නාවික හමුදාව විසින් මුදාගැනෙති

    අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි මාවිල්ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (නොවැ: 30) කැඩී යාමෙන්, ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ හා සහන සැලසීමේ මෙහයුම් නොවැම්බර් 30 දින පුරා නාවික හමුදාව අඛණ්ඩ සිදුකරමින් සිටියි.

    මේ වන විට (දෙසැ: 01) ආපදාවට පත් පුද්ගලයන් 309 දෙනෙකු මුතූර් ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත් කර, ගල්කන්ද විහාරස්ථාන පරිශ්‍රය වෙත යොමු කෙරුණු අතර, නාවික හමුදා ගොඩබෑමේ නෞකාවක් සහ වෙරළබඩ මුර යාත්‍රාවක් මුතූර් ප්‍රදේශයට ආසන්න මුහුදු ප්‍රදේශයේ සූදානම්ව තබා ඇතැයි නාවික හමුදාව පවසයි.

    මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරෙමින් පවතියි.

    වීඩියෝ ශීර්ෂ වැකිය, මාවිල්ආරූ ප්‍රදේශයේ සිර වී සිටි පුද්ගලයින් මුදා ගත් අයුරු
  6. වැලිමඩ, රේන්දපොළ නාය යාම සිදු වූ ස්ථානයේ මුදා ගැනීමේ මෙහෙයුම් සිදුවන අයුරු

    වීඩියෝ ශීර්ෂ වැකිය, වැලිමඩ, රේන්දපොළ නාය යාම සිදු වූ ස්ථානයේ මුදා ගැනීමේ මෙහෙයුම් ඇරඹේ
  7. දෙසැම්බර් 1 සිට 5 දක්වා දුම්රිය ධාවනය සිදුවන්නේ මෙහෙමයි

    මුහුදුබඩ මාර්ගය

    ඉහළ

    1. බෙලිඅත්ත / මරදාන - පිටත්වීම පෙ.ව. 4.15 (සාගරිකා)

    2. බෙලිඅත්ත / මරදාන - පිටත්වීම පෙ.ව. 6.25 (ගාලු කුමරි)

    3. මාතර / මරදාන - පිටත්වීම පෙ.ව. 6.05 (රුහුණු කුමරි)

    4. ගාල්ල / මරදාන - පිටත්වීම පෙ.ව. 4.10 (slow)

    5. ගාල්ල / මරදාන - පිටත්වීම පෙ.ව. 5.00 (සමුද්‍ර දෙවී)

    6. අලුත්ගම / ගනේමුල්ල- පිටත්වීම පෙ.ව. 3.15 (slow)

    7. අලුත්ගම / කො.කොටුව පිටත්වීම පෙ.ව. 3.40 (slow)

    8. අලුත්ගම / රාගම- පිටත්වීම පෙ.ව. 4.15 (slow)

    9. අලුත්ගම/ මරදාන - පිටත්වීම පෙ.ව. 5.55 (slow)

    10. දකුණු කලුතර/ මරදාන - පිටත්වීම පෙ.ව. 7.00 (slow)

    පහළ

    1. මරදාන /පානදුර- පිටත්වීම පෙ.ව. 5.50 (slow)

    2. මරදාන /බෙලිඅත්ත- පිටත්වීම පෙ.ව. 6.25

    3. මරදාන /පානදුර- පිටත්වීම පෙ.ව. 7.00 (slow)

    4. මරදාන /දකුණු කලුතර- පිටත්වීම පෙ.ව. 8.35 (slow)

    5. මරදාන /අලුත්ගම- පිටත්වීම පෙ.ව. 11.10 (slow)

    6. මරදාන /දකුණු කලුතර- පිටත්වීම ප.ව. 12.30 (slow)

    7. මරදාන /බෙලිඅත්ත - පිටත්වීම ප.ව. 2.30 (ගාලු කුමාරි)

    8. මරදාන /මාතර - පිටත්වීම ප.ව. 3.40 (රුහුණු කුමාරි)

    9. මරදාන /දකුණු කලුතර- පිටත්වීම ප.ව. 4.10 (slow)

    10. මරදාන /බෙලිඅත්ත - පිටත්වීම ප.ව. 4.40 (සාගරිකා)

    11. මරදාන / අලුත්ගම- පිටත්වීම ප.ව. 4.45 (slow)

    12. මරදාන /ගාල්ල- පිටත්වීම ප.ව. 5.25 (සමුද්‍ර දේවී)

    13. මරදාන / ගාල්ල- පිටත්වීම ප.ව. 05.45 (slow)

    14. මරදාන / අලුත්ගම- පිටත්වීම ප.ව. 6.15 (slow)

    15. කො.කොටුව/දකුණු කලුතර- පිටත්වීම ප.ව. 7.15 (slow)

    16. මරදාන /අලුත්ගම- පිටත්වීම ප.ව. 7.45 (slow)

    17. මරදාන /අලුත්ගම- පිටත්වීම ප.ව. 9.30 (slow)

    පුත්තලම මාර්ගය

    ඉහළ

    1. කො.කොටුව/ කොච්චිකඩේ - පිටත්වීම - පෙ.ව. 4.00 (slow)

    2. කො.කොටුව/ මීගමුව - පිටත්වීම - පෙ.ව.5.00 (slow)

    3. කො.කොටුව/ කොච්චිකඩේ - පිටත්වීම - පෙ.ව. 5.40 (slow)

    4. කො.කොටුව/ කොච්චිකඩේ - පිටත්වීම - පෙ.ව. 9.35 (slow)

    5. කො.කොටුව/ කොච්චිකඩේ - පිටත්වීම - ප.ව. 2.35 (slow)

    6. කො.කොටුව/ කොච්චිකඩේ - පිටත්වීම - ප.ව. 4.30 (slow)

    7. කො.කොටුව/ මීගමුව - පිටත්වීම - ප.ව. 4.50 (slow)

    8. කො.කොටුව/ මීගමුව - පිටත්වීම - ප.ව. 5.25 (slow)

    9. කො.කොටුව/ කොච්චිකඩේ - පිටත්වීම - ප.ව. 7.10 (slow)

    පහළ

    1. කොච්චිකඩේ /කො.කොටුව - පිටත්වීම - පෙ.ව. 6.20 (slow)

    2. මීගමුව /කො.කොටුව - පිටත්වීම - පෙ.ව. 6.50 (slow)

    3. කොච්චිකඩේ /කො.කොටුව - පිටත්වීම - පෙ.ව. 7.25 (slow)

    4. කොච්චිකඩේ /කො.කොටුව - පිටත්වීම - පෙ.ව. 10.15 (slow)

    5. කොච්චිකඩේ /කො.කොටුව - පිටත්වීම - ප.ව. 4.50 (slow) 6. මීගමුව /කො.කොටුව - පිටත්වීම - ප.ව. 6.25 (slow) 7. මීගමුව/කො.කොටුව - පිටත්වීම - ප.ව. 7.00 (slow) 8. කොච්චිකඩේ /කො.කොටුව - පිටත්වීම - ප.ව. 7.00 (slow) 9. කොච්චිකඩේ /කො.කොටුව - පිටත්වීම - ප.ව. 8.20 (slow)

    කැලණි වැලි මාර්ගය

    ඉහළ

    1. කො.කොටුව/ අවිස්සාවේල්ල - පිටත්වීම - පෙ.ව. 8.30 (slow)

    2. කො.කොටුව/ අවිස්සාවේල්ල - පිටත්වීම - ප.ව. 4.35 (slow)

    3. කො.කොටුව/ අවිස්සාවේල්ල - පිටත්වීම - ප.ව. 5.45 (slow)

    4. කො.කොටුව/ කොස්ගම - පිටත්වීම - ප.ව. 6.30 (slow)

    5. කො.කොටුව/ අවිස්සාවේල්ල - පිටත්වීම - ප.ව.8.00 (slow)

    පහළ

    1. අවිස්සාවේල්ල /කො.කොටුව - පිටත්වීම - පෙ.ව.4.40 (slow)

    2. අවිස්සාවේල්ල /කො.කොටුව - පිටත්වීම - පෙ.ව.5.15 (slow)

    3. වග /කො.කොටුව - පිටත්වීම - පෙ.ව.4.45 (slow)

    4. අවිස්සාවේල්ල /කො.කොටුව - පිටත්වීම - පෙ.ව.6.25 (slow)

    5. අවිස්සාවේල්ල /කො.කොටුව - පිටත්වීම - ප.ව.12.25 (slow)

    ප්‍රධාන මාර්ගය

    ඉහළ

    1. මරදාන / ගනේමුල්ල පිටත්වීම පෙ.ව. 6.00 (slow)

    2. කො.කොටුව/ රාගම පිටත්වීම පෙ.ව. 7.20 (slow)

    3. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම පෙ.ව. 11.15 (slow)

    4. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව. 2.00 (slow)

    5. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව. 4.10 (slow)

    6. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව. 4.25 (slow)

    7. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව. 6.40 (slow)

    පහළ

    1. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම පෙ.ව. 7.10 (slow)

    2. රාගම/ කො.කොටුව පිටත්වීම පෙ.ව. 7.45 (slow)

    3. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව. 12.20 ( slow)

    4. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව. 3.00 (slow)

    5. රාගම/ කො.කොටුව පිටත්වීම ප.ව. 4.50 (slow)

    6. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව. 5.30 (slow)

    7. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව. 8.00 (slow)

    ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අඹේපුස්ස දුම්රිය ස්ථානය දක්වා දීර්ඝ කිරීමට මාර්ගය යතාවත් කෙරෙමින් පවතින අතර ඒ අනුව මෙම කාල සටහනට කරන සංශෝධ පිළිබඳ පසුව දැනුම් දීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

    පහත සඳහන් මාර්ග කොට්ඨාසවල තවදුරටත් දුම්රිය ධාවනයක් සිදු නොවේ.

    1. අඹේපුස්ස - පොල්ගහවෙල - රඹුක්කන - මහනුවර - මාතලේ - බදුල්ල

    2. පොල්ගහවෙල - කන්කසන්තුරය

    3. මහව - මඩකලපුව

    4. මහව - ත්‍රිකුණාමලය

    5. මැදවච්චිය - මන්නරම

    6. කොච්චිකඩේ - පුත්තලම

  8. යක්කල ආයුර්වේදය අසල පාලමේ මැද කොටස ගිලා බසී: විකල්ප මාර්ග භාවිත කරන්නැයි දැනුම් දෙයි

    Yakkala

    කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ආයුර්වේදය අසල පාලමේ මැද කොටස ගිලා බසිමින් පවතින බව පොලිසිය පවසනවා.

    පොලිසි මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඒ හේතුවෙන් අද (නොවැ. 30) දින දහවල් කාලයේ සිට නැවත දැනුම් දෙන තුරු යක්කල හන්දියේ සිට තිහාරිය හන්දිය දක්වා මාර්ගයේ කොටස තාවකාලිව වසා ගමන බවයි.

    Screengrab
  9. "හරි, හරි ගන්න එනවා...", කොළඹ, කොළොන්නාව සහ කඩුවෙල ගංවතුර තත්ත්වය

    වීඩියෝ ශීර්ෂ වැකිය, කොළඹ, කොළොන්නාව සහ කඩුවෙල ගංවතුර තත්ත්වය
  10. ආපදාවට ලක් වූවන්ට සහන සැලසීමට ජනතාව ස්වේච්ඡාවෙන් පෙරමුණට

    මේ වන විට ආපදාවට ලක් වූවන්ට සහන සැලසීම සඳහා විවිධ පාර්ශව ස්වේච්ඡාවෙන් පෙරමුණ ගෙන තිබෙනවා.

    ඒ අතර, ඔවුන්ට ආහාර-පාන සැපයීමට ප්‍රජා මුළුතැන්ගෙවල්, වියළි ආහාර, පානීය ජලය, ඇඳුම් පැළඳුම් සහ ඖෂධ ආදිය සැපයීමට ඒවා රැස්කිරීමේ ස්ථාන පිහිටුවා ගැනීම ආරම්භයේ සිට බොහෝ පියවර ජනතාව විසින් ගනු ලැබ ඇති ආකාරය දැකගන්න පුළුවන්.

    ඊට අමතරව ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ජනතාවට සහන සැලසීමට පියවර ගෙන ඇති ආකාරය නිරීක්ෂණය වුණා.

    මේ එවැනි අවස්ථා කිහිපයක ඡායාරූප පෙළක්.

    Donations
    Donations

    ඡායාරූප මූලාශ්‍රය, Chamal Akalanka Polwaththage

    Donations

    ඡායාරූප මූලාශ්‍රය, Old Boys Association - Vidyaloka College

  11. 'කිව්වා, අනවුන්ස් කළා අපිට මෙහෙම වතුර ප්‍රමාණයක් එනවා කියලා. ඒත් ඉතින් අපි එච්චර දුරට ම හිතුවේ නැහැ', - හංවැල්ල ප්‍රදේශයේ ආපදාවට ලක්වූ පිරිස්

    වීඩියෝ ශීර්ෂ වැකිය, හංවැල්ල ප්‍රදේශයේ ආපදාවට ලක්වූ පිරිස්
    වීඩියෝ ශීර්ෂ වැකිය, හංවැල්ල ප්‍රදේශයේ අද (නොවැ.30) දහවල් තත්ත්වය
  12. උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයකින් තොරව කල් යයි

    අ.පො.ස. උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.

    විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ පැවසුවේ, ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසුව එම විභාග පැවැත් වීමට කටයුතු කරන බවයි.

    ඒ අනුව, විභාග පැවැත්වෙන දින ඉදිරියේදී දැනුම් දීමට පියවර ගන්නා බව ඇය වැඩිදුරටත් පැවසුවා.

  13. 'තවදුරත් ගෙවල්වලට කෑම දෙන්න බෑ... මධ්‍යස්ථානයකට එන්න'

    වීඩියෝ ශීර්ෂ වැකිය, "තවදුරත් ගෙවල්වලට කෑම දෙන්න බෑ. මධ්‍යස්ථානයකට එන්න"
  14. ආපදා මරණ ගණන 193ක් දක්වා ඉහළට: පුද්ගලයින් 228 දෙනෙක් අතුරුදන්

    ආපදා තත්ත්වය නිසා වාර්තා වී ඇති මරණ ගණන 193ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පුද්ගලයින් 228 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි.

    පවුල් 266,114කට අයත් පුද්ගලයින් 968,304 දෙනෙක් මේ හේතුවෙන් පීඩාවට පත්ව තිබෙනවා.

  15. සූර්ය පැනල හිමිකරුවන් වෙත විශේෂ දැනුම් දීමක්

    ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීය හා ස්ථාවර ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා, පද්ධතියේ දක්නට ලැබෙන සැලකිය යුතු අඩු ඉල්ලුම හේතුවෙන්, වහල මත සවි කර ඇති සූර්ය පැනල හිමිකරුවන් අද පස්වරු 3:00 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කර තිබෙනවා.

  16. ගංවතුර තත්ත්වය ගැන පැහැදිලි කිරීමක්, එල්.ඒ.එස්. සූරියබණ්ඩාර - වාරිමාර්ග ජල විද්‍යා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂක ඉංජිනේරු

    "විශේෂයෙන් කැලණි ගඟේ හංවැල්ල ජල මිනුම් මාපකය අඩි 10.9කට ආසන්නයේ පවතින්නේ. මේ නිසා හංවැල්ලට පහළ ඇති ප්‍රදේශවල තවදුරටත් ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතිනවා.

    නාගලගම් වීදියේ ජල මාපකය අඩි 7ක මටටමේ පවතින්නේ. මේ නිසා සියලු දෙනා අවධානයෙන් සිටීම වැදගත්. අත්තනගලු ඔයේ දූනමලේ ජල මාපකයට අනුව, තවමත් අධිගංවතුර තත්ත්වයක තියෙන්නේ.

    ගම්පහ සිට පහළ ප්‍රදේශවලට තවමත් ගංවතුර අවදානම තියෙනවා. මහ ඔයේ ජල මට්ටමත් අද උදෑසන වන විටත් තියෙන්නේ අධිගංවතුර මට්ටමක.

    මේ නිසා මහ ඔයේ ඉඳලා මීගමුව දක්වා පහත්බිම්වලට තවමත් ගංවතුර බලපෑම තියෙනවා.

    මහවැලි ගඟට තමයි වැඩි ම ජල මට්ටමක් ලැබුණේ. මනම්පිටියේ ජල මාපකය ඉක්මවා මහවැලි ගඟේ ජලය ගලා ගෙන ගියා.

    මාවිල්ආරූ සොරොව්වට මේ ගලාගෙන එන ජල මට්ටම දරා ගන්න අසීරුයි.

    මේ හේතුවෙන් මනම්පිටියේ ඉඳලා පහළ ප්‍රදේශවලට අයත් ත්‍රිකුණාමලය, මුතූර්, කින්නියාව වගේ ප්‍රදේශවල ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යාම වැදගත්.

    ඒ වගේ ම, කළු ගඟේ ජල මට්ටමත් ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

    මේ හේතුවෙන් කළුතර ප්‍රදේශයේ පහළ බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් තියෙනවා.

    ගංවතුර අඩු වුණත් මහජනතාව අවධානයෙන් කටයුතු කරන්න."

  17. මහනුවර විදුලි සැපයුම සහ සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට

    මහනුවර ප්‍රදේශයේ විදුලි සැපයුම සහ සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට පත් කර ඇති ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

    එමෙන් ම, මහනුවර නගර සීමාව තුළ අඩාළ වී ඇති ජල සැපයුම දින තුනක් ඇතුළත ලබා දිය හැකි බව ද ඔහු සඳහන් කළා.

  18. 'අනාරක්ෂිත ස්ථාන නැරඹීමට පැමිණෙන්න එපා' - පොලිසිය

    ගං වතුර සහ නාය යාම් හේතුවෙන් විනාශ වූ ස්ථාන නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස පොලිසිය මහ ජනතාවට දැනුම් දෙනවා.

    විනාශ වූ මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය සිදු කරන බව ද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

  19. මාවිල්ආරු සොරොව්ව හානිදායක තත්ත්වයක: අවට ජනතාවට කඩිනමින් ඉවත් වන්නැයි දැනුම් දෙයි

    මාවිල්ආරු සොරොව්ව යම් හානි දායක මට්ටමකට ළඟා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

    එහි අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ, මෙම සොරොව්වට ඉහළින් ජලය ගලා ඒම සහ සහ එම සොරොව්වේ ස්ථාන කිහිපයක සිදුවී ඇති හානිදායක තත්ත්වය නිසා වෙරුගල් ඇතුළු ප්‍රදේශවල ජනතාව එම ප්‍රදේශවලින් හැකි ඉක්මනින් ඉවත් වන ලෙසයි.

    වීඩියෝ ශීර්ෂ වැකිය, මාවිල්ආරු, වෙරුගල්, කිලවෙඩ්ඩි, මුතූර් සහ කින්නියා ප්‍රදේශවල තත්ත්වය
  20. නුවරඑළියට පිවිසෙන සියලු ප්‍රධාන මාර්ග අවහිර වෙයි

    නුවරඑළියට පිවිසීමට ඇති සියලු ම මාර්ග අවහිර වී ඇතැයි බීබීසී වාර්තාකරු පවසනවා.

    මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර්ගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, නුවර එළියට පිවිසෙන ප්‍රධාන මාර්ග 4 ම පස් කඳු කඩා වැටීම නිසා අවහිර වී ඇති බව යි.

    මේ වන විට එම මාර්ග යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු දැඩි පරිශ්‍රමයකින් යුතුව සිදු කෙරෙන බව ද ඔහු පැවසුවා.

    Landslide