
ඡායාරූප මූලාශ්‍රය, Reuters
මැද පෙරදිග ඩිජිටල් සංස්කාරක
එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය, ප්‍රංශය, ඉන්දියාව, පකිස්ථානය සහ උතුරු කොරියාව යන රටවල් අතළොස්සක් සතුව පමණක් න්‍යෂ්ටික අවි පවතිනවා.
ඊශ්‍රායලය සතුව න්‍යෂ්ටික අවි ඇති බවට දැඩි ලෙස විශ්වාස කරන, නමුත් ඔවුන් එය තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නැහැ.
ඉතින්, සමහර රටවලට න්‍යෂ්ටික අවි තබා ගන්නත් සහ අනෙක් රටවලට එවා තබා ගැනීමට නොහැකි වන්නත් හේතුව මොකද්ද?
ඊට පිළිතුර බැදී තියෙන්නෙ, 1968 දී ඇති කර ගත් න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීම පිළිබඳ ගිවිසුම එහෙම නැතිනම් (NPT) කියන ගිවිසුමත් එක්කයි.
රටවලට සිවිල් න්‍යෂ්ටික වැඩසටහන් තිබිය හැකි නමුත්, දැනට ඇති ප්‍රමාණයට වඩා න්‍යෂ්ටික අවි තබා නොගත යුතු බව එහි සඳහන් වනවා. NPT ගිවිසුම නීත්‍යානුකූල බැඳීමක් වන ඇති අතර ඉරානය ඇතුළු රටවල් බහුතරයක් මේ ගිවිසුමට අත්සන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඊශ්‍රායලය, ඉන්දියාව, පකිස්ථානය සහ දකුණු සුඩානය මීට අත්සන් කරලා නැහැ. උතුරු කොරියාව 2003 වසරේදී මේ ගිවිසුමෙන් ඉවත් වුණා.
ගිවිසුම ආරම්භ කරන අවස්ථාව වන විට ඉන්දියාව සහ පකිස්ථානය න්‍යෂ්ටික අවි සහිත රාජ්‍යයන් ලෙස පිළිගෙන තිබ්බේ නැහැ. දැන් ඔවුන් ගිවිසුමට සම්බන්ධ වුණොත් නිරායුධ වීමට සිද්ධ වෙනවා. දකුණු සුඩානය කියන්නේ සාපේක්ෂව න්‍යෂ්ටික වැඩසටහන් නොමැති අලුත් රටක්.
ඊශ්‍රායලය ගිවිසුමට අත්සන් කරලා නැත්තේ සතුරන්ට එරෙහි උපක්‍රමයක් ලෙස තම න්‍යෂ්ටික හැකියාවන් පිළිබඳ ප්‍රසිද්ධ නොකරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා.
එවගේම න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීම පිළිබඳ ගිවිසුම (NPT) යටතේ සපුරාලිය යුතු අවශ්‍යතාවක් වන සිය න්‍යෂ්ටික මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට ඔවුන් ඉඩ නොදෙන නිසා.
ඉරානය, අරාබි රටවල් සහ අනෙකුත් රටවල් දිගු කලක් තිස්සේ ඊශ්‍රායලයට නිරායුධ කිරීමට සහ එහි න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව විනිවිදභාවයෙන් කටයුතු කිරීමට බලපෑම් කරන ලෙස ඉල්ලා සිටි අතර, ඊශ්‍රායලයේ යැයි කියනු ලබන අවි ගබඩාව කලාපීය ආතතීන් වර්ධනය කරන මූලාශ්‍රයක් මෙන්ම තර්ජනයක් ලෙස සලකනවා.
ඉරානය සැමවිටම න්‍යෂ්ටික අවි නිර්මාණය කිරීමේ උත්සාහයන් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් සතුව එවැනි කිසිවක් නැතිවුණත් බොහෝ රටවල් ඉරානයේ සාමකාමී අභිප්‍රායන් පිළිබඳ ප්‍රකාශයෙන් ගැන එතරම් විශ්වාසයක් දක්වන්නේ නැහැ.
න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීම පිළිබඳ ගිවිසුම (NPT) යටතේ අවසර නොලත් රහසිගත න්‍යෂ්ටික වැඩසටහනක් ඉරානයේ තිබූ බව 2002 දී සොයා ගන්නා ලද අතර, එය වසර ගණනාවක් දිව ගිය අර්බුදයකට තුඩු දුන් අතර එය බොහෝ දුරට අද සිදුවීම් වලට පවා හේතු වී තිබෙනවා.