ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් හතර දෙනාගේ තත්ත්වය සුව අතට හැරී ඇති අතර නැවත ඔවුන්ට සේවය කිරීමේ අවස්ථාව දින කිහිපය තුළ ලැබෙනු ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.
ඔහු කියා සිටියේ මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු පදිංචි ස්ථාන ද පිපිරීම්වලට ලක්ව ඇති බව යි.
ඔවුන්ට අලුත් නවාතැන් ලබාදීමට ඔවුන් සේවය කරන සමාගම කටයුතු කර තිබෙන අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන කාර්යය මණ්ඩල සාමාජිකාවක පදිංචි නිවාසයකට ද හානි සිදුව ඇති අතර ඇයට අනතුරක් වී නැතැයි තානාපතිවරයා ප්‍රකාශ කළා.
ඊශ්‍රායලයේ සේවය කරන සියලුම විදේශ සේවකයන්ට ආරක්‍ෂිත තොරතුරු හා මිසයිල ප්‍රහාර පිළිබඳ තොරතුරු ඇතුළත් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යංශයේ තොරතුරු App එක තම ජංගම දුරකථනයට ඇතුළත් කරගන්න ලෙස හා ඔවුන් යාවත්කාලීන කරන උපදෙස් අනුව කටයුතු කරන මෙන් PIBA ආයතනය (Population and Immigration Authority) දැනුම් දී තිබෙනවා.
හදිසි අවශ්‍යතා මත ඊශ්‍රායලයෙන් පිටත්ව යන පිරිස්වලට ඊශ්‍රායලයේ දකුණුදිග ප්‍රධාන නගරය වන Eilat නගරය හරහා ජෝර්දානය හා ඊජිප්තුව වෙත ගමන් කොට කයිරෝ හෝ අම්මාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් හරහා පිටත්වීමට හැකියාව පවතිනවා.
ඊශ්‍රායලයට ගුවන් යානා පියාසාර නොකිරීම හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලාංකිකයන් ඉල්ලා ඇති ගුවන් ගමන් බලපත් ලැබීම ප්‍රමාද විය හැකි බවත් අදාළ රාජ්‍ය තාන්ත්‍රික ගමන් මල්ල (පාස්පෝට් සහිත) ඊජිප්තුව හරහා කූරියර් සමාගම් මගින් ලබාගැනීමට සාකච්ඡා කර ඇතැයි ද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළා.
ශ්‍රී ලංකාවට ගොස් නැවත ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කරන්නන්ට ඊජිප්තුව හරහා පැමිණෙන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
ඔවුන්ට ඊජිප්තුව සඳහා අවශ්‍ය වීසා ලබා ගැනීමට තානාපති කාර්යාලයේ සහාය ලබා ගත හැකි බව ද තානාපතිවරයා සඳහන් කළා.
මේ අතර, ඉරානයේ සහ ඊශ්‍රායලයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ට කලාපීය තත්ත්වය හේතුවෙන් සුපරීක්ෂාකාරීව සිටින ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය උපදෙස් දී තිබෙනවා.
හදිසි සහාය සඳහා, පැය 24 පුරාම ඇමතිය හැකි දුරකතන අංක:
ඉරානයේ ටෙහෙරාන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය : +98 939 205 5161/ +98 991 205 7522 (සිංහල/ඉංග්‍රීසි)/ +98 936 636 0260 3.
ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය: (WhatsApp වලින් පමණි): +94 71 844 7305/ +94 71 683 3513/ +94 71 974 2095