ඉරානයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් සිවිල් වැසියන් 224 දෙනෙකු මිය ගොස් 188 දෙනෙකු තුවාල ලබා තිබේ.
ලාභ නොලබන සංවිධානයක් වන ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් (HRANA) ජීවිත හානි නිරීක්ෂණය කරමින් සිටින අතර ඔවුන් පවසන්නේ හමුදා සාමාජිකයින් 109 දෙනෙකු මිය ගොස් 123 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
පුද්ගලයින් 119 දෙනෙකු මිය ගොස් 335 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් තවමත් හඳුනාගෙන නොමැත.
ඒ අනුව 452 දෙනෙකු මිය ගොස් 646 දෙනෙකු තුවාල ලබා ඇත.
මේ අතර, ඉරාන රජය විසින් මෙහෙයවනු ලබන තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය, ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි ඒජන්සියේ මූලස්ථානය ගිනිගෙන ඇති බව පෙන්වන ඡායාරූප පෙළක් පළ කර තිබෙනවා.
ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය උපුටා දක්වමින් තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ, මොසාඩ් සංවිධානයට ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වූ බවයි.
මේ අතර, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට සිදුවන හානිය චර්නොබිල් හෝ ෆුකුෂිමාහි ව්‍යසන වැනි “න්‍යෂ්ටික සිදුවීමක” අවදානමක් ඇති නොකරන බව විශේෂඥයින් බීබීසී ප්‍රවෘත්ති වෙත පවසා තිබෙනවා.
එයට හේතුව යුරේනියම් ජව ගැන්වීමේ පහසුකමක න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් සිදු නොවන බැවිනි.
මේ අතර, ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දුරකතන අංකවලින් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් බීබීසී සිංහල සේවය කළ කරුණු සොයා බැලීමේදී හෙළි වූයේ මේ වන විට එරට කිසිදු රාජතාන්ත්‍රික නිලධාරියෙකු සේවයේ නොමැති බවයි.
ඉරානයේ ඇතිවී තිබෙන යුද්ධමය තත්ත්වය හමුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය විමසා බැලීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් ලබා දෙන ලද දුරකතන අංක ඔස්සේ ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවය අවස්ථා ගණනාවකදී උත්සහ දැරුවා.
එලෙස ලබා දුන් +98 939 205 5161 සහ +98 936 636 0260 යන දුරකතන අංක ක්‍රියාත්මකව පැවතුණ ද කිසිවෙකුත් ඊට ප්‍රතිචාර නොදක්වන අතර +98 991 205 7522 යන අංකය වලංගු නොවන බවට ස්වයංක්‍රීය ප්‍රතිචාර ලැබෙනවා.
මේ සම්බන්ධයෙන් අප පළ කර ඇති ලිපිය මෙතැනින් කියවන්න.