ඡන්දය අවලංගු වෙන්න පුළුවන් ක්‍රම මොනවා ද?
ඔබ ප්‍රකාශ කරන ඡන්දය අවලංගු විය හැකි අවස්ථා කිහිපයක් තියෙනවා.
- නිල ඡන්ද පත්‍රිකාවේ කිසිඳු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඡන්දය ප්‍රකාශ කර නොතිබීම
- එක් පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වඩා ඡන්දය ප්‍රකාශ කර තිබීම
- ඡන්දය ප්‍රකාශ නොකර මනාප පමණක් සලකුණු කිරීම
- ඡන්ද පත්‍රිකාවේ නම හෝ හඳුනාගත හැකි යමක් ලියා තිබීම
- මනාප තුනකට වඩා සලකුණු කර තිබීම
මේ වැරදි මග හැරලා ඔබේ වටිනා ඡන්දය මෙවර භාවිත කරන්න.
ඡන්දය ප්‍රකාශ කිරීමේ දී වැරදීමක් වුණොත් ඔබට තව ඡන්ද පත්‍රිකාවක් ඉල්ලීමේ හැකියාව තිබෙනවා.
ඡන්ද පත්‍රිකා වැඩියෙන් දෙන්න වෙනවා කියන්නේ මැතිවරණයේ පිරිවැය වැඩිවෙනවා වගේ ම ක්‍රියාවලිය තවත් සංකීර්ණ වෙනවා.
ඒ නිසා සෑම විට ම ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ගැන අවබෝධයෙන් ඡන්ද මධ්‍යස්ථානයට යන්න. ඡන්දය නිවැරදි ව භාවිත කරන එක පුරවැසියෙක් විදිහට ඔබේ වගකීමක්.