ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (නොවැම්බර් 21 වන දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.

සාරාංශය

  • නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
  • නව අගමැතිනිය හරිනි අමරසූරිය
  • කැබිනට් අමාත්‍ය මණ්ඩලය අමාත්‍යවරුන් 22 කින් සමන්විත වේ.

සජීවී වාර්තාකරණය

ඉෂාරා ධනසේකර,ප්‍රවෘත්ති සංස්කාරක,බීබීසී සිංහල/ සම්පත් දිසානායක,ජ්‍යෙෂ්ඨ ඩිජිටල් වාර්තාකරු,බීබීසී සිංහල

  1. මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 9ක් මාලිමාවට

    2024 මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්.

    ඒ අනුව ජාතික ජන බලවේගය මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසන 9ක් ජයග්‍රහණය කර තිබෙනවා. සමගි ජනබලවේගය ආසන 2ක් හිමි කර ගෙන තිබේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ද මහනුවර දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් හිමි කර ගත්තා.

  2. පුත්තලම දිස්ත්‍රික්කයේ ආසන 6ක් මාලිමාවට

    2024 මහ මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්.

    ඒ අනුව ජාතික ජන බලවේගය පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසන 6ක් ජයග්‍රහණය කර තිබෙනවා.

    සමගි ජනබලවේගය ආසන 2ක් හිමි කර ගෙන තිබෙනවා.

  3. යාපනය දිස්ත්‍රික්කයේ ආසන 3ක් මාලිමාවට

    2024 මහ මැතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්.

    ඒ අනුව ජාතික ජන බලවේගය යාපනය දිස්ත්‍රික්කයෙන් ආසන 3ක් ජයග්‍රහණය කර තිබෙනවා.

    ඉලංගෙයි තමිල් අරුස කච්චි , සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය සහ ස්වාධීන කණ්ඩායම් 17 එක් ආසනය බැගින් හිමි කර ගෙන තිබේ.

  4. රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන 8ක් මාලිමාවට

    2024 මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්.

    ඒ අනුව ජාතික ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසන 8ක් ජයග්‍රහණය කර තිබෙනවා.

    සමගි ජන බලවේගය ආසන 3ක් දිනා ගෙන තිබේ.

  5. කෑගල්ල දිස්ත්‍රික්කයේ ආසන 7ක් මාලිමාවට

    2024 මහ මැතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්. ඒ අනුව ජාතික ජන බලවේගය කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසන 7ක් ජයග්‍රහණය කර තිබෙනවා. සමගි ජන බලවේගය ආසන 2ක් දිනා ගෙන තිබේ.

  6. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන 12ක් මාලිමාවට

    2024 මහ මැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්. ඒ අනුව ජාතික ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසන 12ක් ජයග්‍රහණය කර තිබෙනවා. සමගි ජන බලවේගය ආසන 3ක් දිනා ගෙන තිබේ.

  7. වන්නි දිස්ත්‍රික්කයේ ආසන 2ක් මාලිමාවට

    2024 මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්.

    ඒ අනුව ජාතික ජන බලවේගය වන්නි දිස්ත්‍රික්කයෙන් ආසන 2ක් ජයග්‍රහණය කර තිබෙනවා.

    සමගි ජන බලවේගය , ඉලංගෙයි තමිල් අරුසු කච්චි, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා කම්කරු පක්ෂය එක් ආසනය බැගින් දිනා ගෙන තිබේ.

  8. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන 7ක් මාලිමාවට. සජබට ආසන 2 ක්

    2024 මහ මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්. ඒ අනුව ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසන 7ක් ජයග්‍රහණය කර තිබෙනවා. සමගි ජන බලවේගය ආසන 2ක් හිමිකර ගෙන තිබේ.

  9. කළුතර දිස්ත්‍රික්කයේ ආසන 8ක් මාලිමාවට. සජබට ආසන 2 සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක් ආසනයක්

    2024 මහ මැතිවරණයේ කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්.

    ඒ අනුව ජාතික ජන බලවේගය කළුතර දිස්ත්‍රික්කයෙන් ආසන 8ක් ජයග්‍රහණය කර තිබෙනවා.

    සමගි ජන බලවේගය ආසන 2ක් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එක් ආසනය බැගින් හිමිකර ගෙන තිබේ.

  10. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසන 5ක් මාලිමාවට. සජබට ආසන 2 සහ එක්සත් ජාතික පක්ෂයට එක් ආසනයක්

    2024 මහ මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්.

    ඒ අනුව ජාතික ජන බලවේගය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසන 5ක් ජයග්‍රහණය කර තිබෙනවා.

    සමගි ජන බලවේගය ආසන 2ක් සහ එක්සත් ජාතික පක්ෂය එක් ආසනය බැගින් හිමිකර ගෙන තිබේ.

  11. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආසන 2ක් මාලිමාවට. සජබ සහ ඉලංගෙයි තමිල් අරුස කච්චි වෙත එක් ආසනයක්

    2024 මහ මැතිවරණයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්. ඒ අනුව ජාතික ජන බලවේගය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසන 2ක් ජයග්‍රහණය කර තිබෙනවා. සමගි ජන බලවේගය සහ ඉලංගෙයි තමිල් අරුස කච්චි එක් ආසනය බැගින් හිමිකර ගෙන තිබේ.

  12. මාතලේ දිස්ත්‍රික්කයේ ආසන 4ක් මාලිමාවට. සජබට එක් ආසනයක්

    2024 මහ මැතිවරණයේ මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්. ඒ අනුව ජාතික ජන බලවේගය මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසන 4ක් ජයග්‍රහණය කර තිබෙනවා. සමගි ජන බලවේගය ද එක් හිමිකර ගෙන තිබේ.

  13. බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන 6ක් මාලිමාවට

    2024 මහ මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්.

    ඒ අනුව ජාතික ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසන 6ක් ජයග්‍රහණය කර තිබෙනවා.

    සමගි ජන බලවේගය එක් දෙකක් හිමිකර ගෙන තිබෙනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එක් ආසනයක් දිනා ගෙන තිබේ.

  14. මොනරාගල දිස්ත්‍රික්කයේ ආසන 5ක් මාලිමාවට. සජබට එක් ආසනයක්

    2024 මහ මැතිවරණයේ මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්. ඒ අනුව ජාතික ජන බලවේගය මොනරාගල දිස්ත්‍රික්කයෙන් ආසන 5ක් ජයග්‍රහණය කර තිබෙනවා. සමගි ජන බලවේගය එක් ආසනයක් හිමිකර ගෙන තිබෙනවා.

  15. මාතර දිස්ත්‍රික්කයේ ආසන 6ක් මාලිමාවට. සජබට එක් ආසනයක්

    2024 මහ මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්. ඒ අනුව ජාතික ජන බලවේගය මාතර දිස්ත්‍රික්කයෙන් ආසන 6ක් ජයග්‍රහණය කර තිබෙනවා. සමගි ජන බලවේගය එක් ආසනයක් හිමිකර ගෙන තිබෙනවා.

  16. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආසන 4ක් මාලිමාවට. සජබට එක් ආසනයක්

    2024 මහ මැතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්.

    ඒ අනුව ජාතික ජන බලවේගය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසන 4ක් ජයග්‍රහණය කර තිබෙනවා.

    සමගි ජන බලවේගය එක් ආසනයක් හිමිකර ගෙන තිබෙනවා.

  17. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන 5ක් මාලිමාවට. සජබට සහ පොහොට්ටුවටත් ආසනය බැගින්

    2024 මහ මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්.

    ඒ අනුව ජාතික ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසන 5ක් ජයග්‍රහණය කර තිබෙනවා.

    සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික්කයෙන් එක් ආසනය බැගින් හිමිකර ගෙන තිබෙනවා.

  18. ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන 7ක් මාලිමාවට. සජබට සහ පොහොට්ටුවටත් ආසනය බැගින්

    2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්.

    ඒ අනුව ජාතික ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසන 7ක් ජයග්‍රහණය කර තිබෙනවා.

    සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික්කයෙන් එක් ආසනය බැගින් හිමිකර ගෙන තිබේ.

  19. යාපනය ඡන්ද බල ප්‍රදේශයේ බලය ජාතික ජන බලවේගයට

    2024 මහ මැතිවරණයෙන් යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ඡන්ද බල ප්‍රදේශයේ බලය හිමි කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා.

    ජාතික ජන බලවේගය ලැබූ එම ජයග්‍රහණය සුවිශේෂි වන්නේ එය මීට පෙර ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ ඡන්ද බලකොටුවක් වීම හේතුවෙන්.

    අවසන් වරට පැවති මහ මැතිවරණ තුනක ප්‍රතිඵල ආසන්න වශයෙන් විමසා බැලීමේදී යාපනය ඡන්ද බලප්‍රදේශය ජය ගෙන තිබුණේ ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය.

    මෙවර මැතිවරණයේදී ජාතික ජන බලවේගය යාපනය ඡන්ද බල ප්‍රදේශයේ 41.46%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර තමිල් අරුසු කච්චි ලබා ගෙන ඇත්තේ 11.81%ක ඡන්ද ප්‍රතිශතයක්.

  20. පාර්ලිමේන්තු බහුතර බලය යනු කුමක් ද?

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි කර ගැනීම සඳහා ආසන 113ක් හිමි කර ගත යුතු වනවා.

    එය සරල බහුතරය යනුවෙන් ද හඳුන්වනවා. පරම බහුතරය නැතහොත් තුනෙන් දෙකක බලය ලබා ගැනීමට නම් පාර්ලිමේන්තුවේ ආසන 225 න් ආසන තුනෙන් දෙකක බලය ලබා ගන්න ඕනේ.

    එනම් 150ට වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකර ගත යුතු වනවා.

    පාර්ලිමේන්තුවේ අණ පනත් සම්මත කර ගැනීම සරල බහුතරය තුළින් ද කරන්න පුළුවන්.

    නමුත් ව්‍යවස්ථාවට අදාළ අණ පනත් හෝ සංශෝධන ගෙන ඒමේදී තුනෙන් දෙකක බහුතර බලයක් තිබීම ආණ්ඩුවකට වැදගත්.

    එහෙත් එය අසීමිත බලයක් වීම නිසාත් මෙරට පෙර පැවති ආණ්ඩු එය භාවිත කළ ආකාරය නිසාත් බොහෝ පාර්ශව තුනෙන් දෙකක බහුතර බලය ආණ්ඩුවකට හිමිවීම පිළිබඳ බිය පළ කරනවා.

    ඒ, එය හරවත් කාර්යයන්ට වඩා සෘණාත්මක දෑ සඳහා උපයෝගී කරගත් බවට ඉතිහාසය සාක්ෂි දැරීම හෙතුවෙන්.

    රජයක් මගින් අණ පනත් අලුතින් හඳුන්වා දීමේ දී ඒවා ගැසට් කරනවා.

    අනතුරුව සති දෙකක් තුළ ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට හෝ අර්ථ නිරූපණයක් ඉල්ලා සිටීමට ඕනෑම පාර්ශවයකට හැකියාව තියෙනවා.

    ඒ අනුව අදාළ අණපනත් සරල බහුතරයකින් සම්මත විය යුතුද, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ යුතු ද, නැතහොත් ජනමත විචාරයකින් සම්මත කර ගත යුතු ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයාට දැනුම් දෙනවා.