, ගාල්ල සහ රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 මහ මැතිවරණයේ ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද ප්‍රතිඵල මේවන විට නිකුත් කර අවසන්. එම ප්‍රතිඵලවලට අනුව ජාතික ජනබලවේගය එම දිස්ත්‍රික්ක දෙකෙහිම පෙරමුණ ගෙන තිබෙනවා.
ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (නොවැම්බර් 21 වන දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.
ඉෂාරා ධනසේකර,ප්‍රවෘත්ති සංස්කාරක,බීබීසී සිංහල/ සම්පත් දිසානායක,ජ්‍යෙෂ්ඨ ඩිජිටල් වාර්තාකරු,බීබීසී සිංහල
2024 මහ මැතිවරණයේ ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද ප්‍රතිඵල මේවන විට නිකුත් කර අවසන්. එම ප්‍රතිඵලවලට අනුව ජාතික ජනබලවේගය එම දිස්ත්‍රික්ක දෙකෙහිම පෙරමුණ ගෙන තිබෙනවා.
ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූර 29, එක් එක් පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් දිවයිනෙන් ම හිමි කර ගන්නා ලද ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වනවා.
සෑම දිස්ත්‍රික්කයකට ම හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාවෙන් එක් ආසනයක් බෝනස් ආසනය හෙවත් ප්‍රසාද ආසනය යි. එය හිමි වන්නේ දිස්ත්‍රික්කයේ වැඩි ම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ය.
දෙවන පියවර වශයෙන් ඒ ඒ දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 5%කට අඩු ඡන්ද ලබා ගත් පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් තරගයෙන් ඉවත් කරනවා.
ඉන් පසුව 'සම්ප්‍රයුක්ත ඡන්ද සංඛ්‍යාව' හෙවත් මන්ත්‍රී අසුනක් දිනාගැනීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ගණනය කරයි. ඒ සඳහා දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 5%ට අඩු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල ඡන්ද සංඛ්‍යාව අඩු කර 'අදාළ ඡන්ද සංඛ්‍යාව' සොයා ගනියි.
මහ මැතිවරණයේදී මැතිවරණ කොට්ඨාස මට්ටමින් මන්ත්‍රීවරුන් 160 දෙනෙකු තෝරා පත් කර ගන්නා අතර (මැතිවරණ කොට්ඨාස 22ක් ඇති අතර ඒවා මැතිවරණ දිස්ත්‍රික්ක ලෙස ද හඳුන්වයි) අතර තවත් මන්ත්‍රීවරුන් 36 දෙනෙක් පළාත් පදනමින් තෝරා පත් කර ගැනෙති.
මීට අමතරව එක් එක් දේශපාලන පක්ෂ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව අනුව ඔවුන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 29ක් සඳහා මන්ත්‍රීවරුන් පත් කරනු ලබන්නේ, ඒ ඒ පක්ෂ හිමිකර ගන්නා ප්‍රසාද මන්ත්‍රී ආසන සංඛ්‍යාව අනුව ය.
බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂයක් මන්ත්‍රී ආසන 113ක් හිමිකර ගත යුතු වේ.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ අර්ධ-ජනාධිපති රාමුවක් තුළ වන අතර එහිදී ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයෙකු සහ අගමැතිවරයා විසින් යෝජනා කරන ලද කැබිනට් මණ්ඩලයක් සමග වැඩ කරන අතර ජනාධිපතිවරයා විධායක බලයක් දරනවා.
වවුනියාව - 63.75%
මුලතිව් 62.49%
මන්නාරම - 70.1%
- වන්නි තේරීම්භාර නිලධාරී -
මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60- 65% අතර බව මැතිවරණ නීරීක්ෂණ සංවිධාන පවසනවා.
ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක බීබීසී සිංහල වෙත පැවසුවේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින්ගේ උනන්දුවේ අඩුවීමක් දක්නට ලැබුණු බවය.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ, ඡන්දය ප්‍රකාශයට පත් කිරීමේ උනන්දුවේ අඩුවක් දක්නට ලැබුණු බවයි.
2024 මහා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද (නොවැම්බර් 14 වැනිදා) සවස 4ට අවසන් විය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේ ඡන්ද විමසීම ඉතාම සාමකාමීව පැවති බවයි. මහා මැතිවරණයේ පළමු නිල ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.
අද (නොවැම්බර් 14 වැනිදා) දහවල් 02 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50% කට ආසන්න බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක බීබීසී සිංහල වෙත පැවසුවේ ය.
අද (නොවැම්බර් 14 වැනිදා) දහවල් 12 වන විට මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 40%ක් පමණ වන බව මැතිවරණ නීරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධාන පැවසීය.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ, මේ දක්වා ඡන්ද වීමසීමේ කටයුතු සාමකාමී බව ය.
මැතිවරණ රාජකාරී සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරියෙකු ඇතුළු නිලධාරීන් තුන් දෙනෙකු ස්වභාවික හේතු නිසා මිය ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය.
ඇතැම් පෞද්ගලික අයතන ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යෑමට සේවකයින්ට නිවාඩු නොදීම ගැන වාර්තා වී ඇතැයි පැෆ්රල් හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේය.
2024 මහා මැතිවරණ ඡන්ද විමසීම ඉතාම සාමකාමීව පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක බීබීසී සිංහල වෙත පැවසීය.
ඔහු කියා සිටියේ, මේ දක්වා කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බව ය.
පළමු නිල ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියට පෙර ලබා දීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා සඳහන් කළේය.
මේ අතර, බීබීසී සිංහල සිදුකළ විමසීමකදී ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක කියා සිටියේ අද පෙරවරු 10 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 20-25% අතර බවය.
මේ පාර දිග ම ඡන්ද පත්‍රිකාව මොන දිස්ත්‍රික්කයේ ද කියලා ඔබ දන්නවද?
ඒ මන්ත්‍රීවරුන් 07 දෙනෙක් තෝරාගන්න දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයේ.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම් 43ක් ඇතුළුව ඡන්දය ඉල්ලන කණ්ඩායම් සංඛ්‍යාව 64ක්
රට පුරා ම මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 282කින් අපේක්ෂකයන් 3346ක් තරග කරනවා.
ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ 90,000ක පමණ සාමාජික පිරිසක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා
ඡන්ද මධ්‍යස්ථානය තුළට ජංගම දුරකථනය රැගෙන යාම සහ ඡායාරූප ගැනීම මැතිවරණ නීතිවලට අනුව සම්පූර්ණයෙන් ම නීතිවිරෝධීයි.
ඒ වගේ ම ඡන්ද මධ්‍යස්ථානය තුළ නිකරුණේ ගැවසීමත් තහනම්.
ඔබ ඡන්දය ප්‍රකාශ කර අවසන් වූ වහාම ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටව යන්න.
ඔබේ පවුලේ කෙනෙක් හරි යාළුවෙක් හරි අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් දෘෂ්‍යාබාධිතයි නම්, ඒ වගේ කෙනෙකුට ඡන්දය භාවිත කරන්න සහයෙකු සමඟ යන්න පුළුවන්.
ඒ සඳහා ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබා ගත යුතු අවසර ලබා ගැනීමේ ලියවිලි සහ රජයේ වෛද්‍ය නිලධාරියෙකුගේ සහතිකයක්, සහායකයාගේ වලංගු හැඳුනුම්පතක් සමඟ ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යන්න අවශ්‍යයි.
සහායකයෙකු නොමැති වුවත් තවත් නිලධාරියෙකු ඉදිරියේ, ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති ලවා ඡන්දය සලකුණු කිරීමටත් පුළුවන්.
ඡන්ද මධ්‍යස්ථානයට යාමට නොහැකි ආබාධිත තත්වයක් ඔබේ පවුලේ කෙනෙකුට, යාළුවෙකුට හෝ ඔබ දන්න ඕනෑම කෙනෙකුට තියෙනවා නම්, මැතිවරණයට කලින් මැතිවරණ කොමිසම හරහා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට අයදුම් කරන්න හැකියාව තියෙනවා.