සටන් විරාමය නොතකා ප්‍රහාර අඛණ්ඩව
සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රටවල් කිහිපයකින් ම ප්‍රහාර වාර්තා වී තිබෙනවා.
ඉරානයේ:
ඊශ්‍රායල නිලධාරියෙකු උපුටා දක්වමින් බදාදා උදෑසන වන විටත් ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කරමින් සිටින බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා.
ඊශ්‍රායලය ද සටන් විරාම ගිවිසුමට එකඟ වූ බවට ධවල මන්දිරය විසින් AFP වෙත තහවුරු කිරීමක් සිදු කර තිබියදී මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයට ඊශ්‍රායලයෙන් තවමත් නිල ප්‍රතිචාරයක් ලැබී නැහැ.
ඊශ්‍රායලයේ:
ජෙරුසලමේ ප්‍රහාර වාර්තා වී ඇති අතර, එහි සිටින බීබීසී මාධ්‍යවේදීන් පැවසුවේ ඔවුන්ට පිපිරීම් කිහිපයක ම හඬ ඇසුණුයි. ප්‍රදේශවාසීන්පට අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.
බහරේනයේ:
"සයිරන් නාද කර ඇති" බව පවසන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය, ප්‍රදේශවාසීන්ට ආරක්ෂක ස්ථාන වෙත යන ලෙස දන්වා තිබෙනවා.
කටාරයේ:
කටාර් ආරක්ෂක අමාත්‍යංශය සමාජ මාධ්‍ය සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ රට දෙසට යොමු වූ මිසයිල ගුවනේදී ම විනාශ කළ බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ:
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම රට "දැනට ඉරානයෙන් මිසයිල ප්‍රහාර සහ ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින" බවයි.
සෞදි අරාබියේ:
සෞදි සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂක කාර්යාලය සහ රියාද්හි බීබීසී මාධ්‍යවේදියෙකු විසින් සමාජ මාධ්‍ය පළ කරන ලද සටහන්වලට අනුව, පසුගිය පැය කිහිපය තුළ සෞදි සිවිල් ආරක්ෂක නිලධාරීන් අවම වශයෙන් අනතුරු ඇඟවීම් දෙකක් නිකුත් කර ඇති අතර, පළමු අනතුරු ඇඟවීමේදී ම පැහැදිලි සංඥාවක් ලබා දී තිබෙනවා.

