
ඡායාරූප මූලාශ්‍රය, NurPhoto via Getty Images
ඡායාරූප ශීර්ෂ වැකිය, "මුහුදු බිම්බෝම්බ වලින් ආරක්ෂා වීම සඳහා මුහුදේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය කරන" ලෙසට විප්ලවවාදී ආරක්ෂක බලකාය උපදෙස් ලබාදී ඇත.සතුරුකම් නොකරන තාක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඇමෙරිකානු නෞකාවන්ට යාත්‍රා කළ හැකි බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයීඩ් කතිබ්සාදේ පවසනවා.
"හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතිනවා, ඒත් තාක්ෂණික හේතූන් මත නැව් ඉරාන හමුදා සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම අවශ්‍ය වනවා," යනුවෙන් කතිබ්සාදේ ඉරාන මාධ්‍යයට පැවසු බව බීබීසී පර්සියානු සේවය වාර්තා කරන්නේ.
සමුද්‍ර සන්ධිය ඔස්සේ අප විසින් ලබාදී තිබෙන ආරක්‍ෂිත මාර්ග හරහා නෞකාවන්ට ආරක්ෂා සහිතව යාත්‍රා කිරීමට ඇති හැකියාව ගැන සහතික කරන බව එහිදී ඉරාන අමාත්‍යවරයා පවසා සිටියා.
"හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නෞකාවලට යාමට ඉඩ දීම සම්බන්ධයෙන් ඉරානය කටයුතු කරන ආකාරය හරි ම දුර්වලයි, සමහරු කියන විදිහට ලැජ්ජාසහගතයි," යනුවෙන් මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට චෝදනා කර සිටියා.
ඊයේ ඉරාන රාජ්‍ය මාධ්‍ය ඔස්සේ පළකරන ලද නිවේදනයක සඳහන් වුයේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට අදහස් කරන නෞකා වලට "මුහුදු බිම්බෝම්බ වලින් ආරක්ෂා වෙන්න ලබාදී තියෙන මාර්ගෝපදේශ අනුගමනය කරන්න" යැයි විප්ලවවාදී ආරක්ෂක බලකාය උපදෙස් ලබාදී තිබෙනවා.
ඉරාන විප්ලවවාදී ආරක්ෂකයින් සිය නිවේදනය සමග නෞකා සඳහා යාත්‍රා කළ හැකි විකල්ප මාර්ග දැක්වෙන සිතියමක් ද නිකුත් කර ඇත.
ඕමාන් මුහුදෙන් ඇතුළු වන නැව්වලට ලාරක් දූපතට උතුරින් ගමන් කර පර්සියානු බොක්ක වෙත යාත්‍රා කළ හැකි බව සිතියමේ දැක්වේ.
අනෙක් දිශාවට යාත්‍රා කරන නැව් වලට පර්සියානු බොක්කෙන් පිටත් වී ලාරක් දූපතට දකුණින් ගොස් ඕමාන් මුහුද දෙසට යා හැකියි.