'මට මේ යකඩත් එක්ක හැපෙන්න පුළුවන් දෑත අහිමි වුණාට'

වීඩියෝ ශීර්ෂ වැකිය, ''වෙහෙස නොවී කරන්න පුළුවන් දේ සමහරු අපෙන් අහනවා. නමුත් අපි කාගෙන්වත් එහෙම අහන්න යන්නේ නෑ.''
'මට මේ යකඩත් එක්ක හැපෙන්න පුළුවන් දෑත අහිමි වුණාට'
Published

අම්පාර, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙහෙරගම ජීවත්වෙන නිලූක ජීවන්තට කර්මාන්තශාලාවක දී සිදු වූ අනතුරක් නිසා අත් දෙකෙහි මැණික් කටුවට පහළින් කොටස අහිමි වී තිබේ.

නමුත් ඔහු පවසන්නේ අත් දෙකෙහි කොටස් අහිමි වුව ද තමන්ගේ ආත්ම විශ්වාසය අහිමි නොවූ බවයි.

'මට මේ යකඩත් එක්ක හැපෙන්න පුළුවන් දෑත අහිමි වුණාට. මගේ දරුවෝ ගැන කල්පනා කරන විට මට ඒක මහන්සියක් නෙමෙයි. මට ඔයාලටත් කියන්න තියෙන එකම පණිවුඩය කම්මැලි වෙන්න එපා. උත්සාහ කරන්න.'' යනුවෙන් ඔහු BBC සිංහල සේවයට පැවසුවේය.

ඔහු දරුවන් සිව්දෙනෙකුගේ පියෙකි.