'මම කාගෙන්වත් ඉල්ලන්නේ නෑ. මම දැකලා තියෙනවා අතපය හතර තියෙන අයත් බොරු කරනවා.'

වීඩියෝ ශීර්ෂ වැකිය, ''මම කාගෙන්වත් ඉල්ලන්නේ නෑ. මම දැකලා තියෙනවා අතපය හතර තියෙන අයත් බොරු කරනවා.''
Published

උපතින් ලද අබාධ සහිත තත්ත්වයන් නොසලකා ගමට අවශ්‍ය පුද්ගලයෙකු බවට පත්වීම තම සිහිනය බව පාදයක් අහිමිව දිවි ගෙවන බදුල්ල, ගල්වෙලගම ජීවත්වෙන ආර්.එම්. සෝමදාස BBCයට පැවසීය.

කිතුල් මැදීම, ගොවිතැන් කිරීම, කොණ්ඩා කැපීම ඇතුළු කාර්යන් රැසක් සිදු කරන සෝමදාසට කුඩා කාලයේදීම පියා අහිමිව තිබේ.

වයස අවුරුදු 14සිට මව සහ සහෝදර සහෝදරියන් පස්දෙනෙකු පෝෂණය කිරීමේ වගකීම සහ ඔවුන්ට අධ්‍යාපනය ලබා දීමේ වගකීම තමන් භාරගත් බවත් ඔහු පවසයි.

''මගේ කකුලක් නැති වුණාට මම කවදාවත් කාගෙන්වත් කිසිම දෙයක් ඉල්ලන්නේ නෑ. ඒත් මම දැකලා තියෙනවා කකුල් අතපය හතරම තියෙන මිනිස්සු කොච්චර බොරු කරනවාද කියලා.'' යනුවෙන් ඔහු වැඩිදුරත් කියා සිටියේය.