ලෙනින් හිස යළි ගොඩ ගනී

ඡායාරූප මූලාශ්‍රය, Reuters
Published
ජර්මනියේ වනාන්තරයක වල දමා තිබූ, ලෙනින් ගේ දැවැන්ත පිළිරුවක හිසක් යළි ගොඩ ගනී.
මීට වසර 24 කට පෙර වල දමන ලද, ගලින් නෙළා ඇති මෙම හිස ගොඩ ගත්තේ ඓතිහාසික සිහිවටන යළි ස්ථාපිත කළ යුතු බවට ඉතිහාසඥයන් කළ ඉල්ලීම නිසයි.

මීටර 19 ක් උසැති මෙම පිළිරුව බිම හෙලන ලද්දේ 1991 දී බර්ලින් තාප්පය බිඳ දැමීමෙන් අනතුරුවයි.
පසුව මෙහි කැබලි හුදෙකලා වනාන්තරයක වල දමා තිබිණි.
2003 දී තිරගත වූ ‘ගුඩ් බායි ලෙනින්’ චිත්‍රපටයට මෙම පිළිරුව යොදා ගැනීම නිසා ඊට මහත් ප්‍රසිද්ධියක් ලැබුණි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මෙය නගරය හරහා හෙලිකොප්ටරයකින් ඔසවා ගෙන යන ආකාරය එම චිත්‍රපටයේ එක් දර්ශනයක දැක්වේ.
ටොන් තුනහමාරක් බරැති යළි ගොඩ ගත් මෙම ලෙනින් හිස බටහිර බර්ලිනයේ කෞතුකාගාරයක් වෙත ප්‍රවාහනය කිරීමට නියමිතයි.
යළි ගොඩ ගෙන ඇත්තේ ලෙනින් පිළිරුවේ හිස පමණයි.

























