විම්බල්ඩන් ජය සෙරීනාට

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
සෙනසුරාදා පැවති විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියෙන් සෙරීනා විලියම්ස් ස්පාඤ්ඤයේ ගර්බිනේ මුගුරිසා පරදවා ජය ලබයි.
ඇය මුගුරිසා පරදවා විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය ජය ගත්තේ හය වැනි වතාවටයි.
තිස්තුන් හැවිරිදි ඇමරිකානු ජාතික සෙරීනා උරුම කර ගත්තේ විසි එක්වැනි ග්රෑන්ඩ් ස්ලෑම් (grand slam) ජයග්‍රහණය වන අතර එය 2015 වසරේදී ඇය ලැබූ තුන් වැනි ජයග්‍රහණයයි.
























