පකිස්තාන දේශපාලනඥයෙකු වෙඩිතබා මරා දැමෙයි

ඛාලිඩ් අයත් පක්ෂයේ නායකයින් නිරතුරුවම තාලිබාන් සටන් කරුවන්ගේ ඉලක්ක බවට පත්වූ බවයි වාර්තා වන්නේ

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඛාලිඩ් අයත් පක්ෂයේ නායකයින් නිරතුරුවම තාලිබාන් සටන් කරුවන්ගේ ඉලක්ක බවට පත්වූ බවයි වාර්තා වන්නේ
Published

පකිස්තානයේ ප්‍රමුඛ පෙළේ දේශපාලඥයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව දකුණුදිග පකිස්ථානයේ පොලීසිය පවසයි.

සුන්නි මුස්ලිම් පක්ෂයක් වන JUI-F (ජමායිත් උලෙමා-එ-ඉස්ලාම් ෆාස්ල්) පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙකු වන දොස්තර ඛාලිඩ් මෙහ්මුද් සුම්රෝ ය මෙසේ මරා දමා ඇත්තේ.

කරච්චියට කි.මී. 500 උතුරින් පිහිටි නගරයක් වන සුක්කුර් හි පල්ලියක් තුළ දොස්තර ඛාලිඩ් උදෑසන යාඥාව කරමින් සිටිය දී පල්ලියට ඇතුළු වූ තුවක්කු කරුවන් දෙදෙනෙකු ඔහු සමීපයටම පැමිණ වෙඩි තැබූ බවයි පැවසෙන්නේ.

මෙම ඝාතනය කවුරුන් විසින් කරන ලද්දක් දැයි අපැහැදිලි නමුත් මෑත වසර කීපය තුළ ඔහු අයත්පක්ෂයේ නායකයින් නිරතුරුවම තාලිබාන් සටන් කරුවන්ගේ ඉලක්ක බවට පත්වූ බවයි වාර්තා වන්නේ.