තෙරපීමකට හසු වී ඉන්දියාවේ දහයක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, AP

Published

මධ්‍යම ඉන්දියාවේ ආගමික උත්සවයකදී වන්දනාකරුවන් අතර ඇති වූ තෙරපීමක් හේතුවෙන් දස දෙනකු මිය ගොස් පුද්ගලයෝ ගණනාවක් තුවාල ලබති.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි කමාද්ගිරි නමැති පූජනීය කන්ද වටා හින්දු භක්තිකයෝ සිය ගණනක් පෙරහරින් ගමන් ගත්හ.

එම අවස්ථාවේදී තෙරපීම ඇති වී තිබෙන අතර ඊට හේතුව මේ වන තුරු අනාවරණය වී නොමැත.

විදුලි රැහැනක් වන්දනාකරුවන් මතට කඩා වැටුණු බව සිදු වීම හට ගත් අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරියෙක් පැවසුවේය.