චෙන්නායි අනතුරින් මරණ දාහතක්

Published
ඊයේ ඉරිදා,දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමේ අනතුරින් මේ වන විට මරණයට පත් සංඛ්‍යාව දාහත් දෙනකු බවයි ඉන්දියානු නිලධාරීන් පවසන්නේ.
චෙන්නායි නගරය අසළ ඉදි කෙරෙමින් තිබුණ තට්ටු දොළහක ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීම තවමත් සිදු කෙරෙමින් පවතින බවත් වාර්තා වෙයි.
එම ගොඩනැගිල්ල කඩා වැටුණ අවස්ථාවේ ඊට යට වී ඇති වැඩි දෙනා එහි කම්කරුවන් බවත් ප්‍රකාශ කොට ඇත.
බේරා ගැනීමේ මෙහෙයුමේ නිරත කණ්ඩායම් පවසන්නේ යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් සුන්බුන් ඉවත් කරමින් දිවි බේරුණ තවත් කිසිවකු ඇද්දැයි පිරික්සමින් ඇති බවයි.
ගොඩනැගිල්ල කඩා වැටී තිබෙනේ දැඩි වර්ෂාවක් පවතිද්දී.
එම අනතුර සම්බන්ධයෙන් ගොඩනැගිල්ල ඉදි කිරීම භාර කොන්ත්‍රාත් සමාගමේ හිමිකරු සහ තවත් හය දෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇත.
























