ගෝව ප්‍රාන්තයේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

කඩා වැටෙන අවස්ථාවේ අඩුම තරමින් 40 දෙනකුවත් එහි සිටි බව විශ්වාස කෙරේ
ඡායාරූප ශීර්ෂ වැකිය, කඩා වැටෙන අවස්ථාවේ අඩුම තරමින් 40 දෙනකුවත් එහි සිටි බව විශ්වාස කෙරේ
Published

ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ වෙරළබඩ නගරයක, අඩක් නිම කොට තිබුන ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ඉදි කිරීමේ සේවකයන් දහ තුන් දෙනකුවත් මරුමුවට පත් විය.

බර උසුලන කරන යන්ත්‍ර සහ සිය දෑත්වලින් සුන් බුන් පීරමින් බේරා ගැනීමේ සේවකයෝ කැනකොනා නගරයේ පස් මහල් ගොඩනැගිල්ලේ අනතුරෙන්පණ බේරා ගත් අය සිටී දැයි සොයමින් සිටියහ.

අනතුරින් පණ බේරා ගත් පිරිසක් දැනටමත් රෝහලට ඇතුලත් කොට තිබේ.

අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බවයි, ගෝව ප්‍රාන්තයේ බලධාරීන් පවසන්නේ.