මෝඩි පත් කළ ඇමතිවරයෙක් රිය අනතුරකින් මරුට

ගෝපිනාත් මුන්ඩේ මිය යන විට හැට හතර වැනි වියේ පසු විය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගෝපිනාත් මුන්ඩේ මිය යන විට හැට හතර වැනි වියේ පසු විය
Published

ඉන්දියාවේ නව අගමැතිවරයාගේ කුළුඳුල් කැබිනට් මණ්ඩලයේ ග්‍රාමීය සංවර්ධන ඇමතිවරයා දිල්ලි නුවර දී සිදු වූ රිය අනතුරකින් මිය යයි.

ගෝපිනාත් මුන්ඩේ, ග්‍රාමීය සංවර්ධන ඇමතිවරයා ලෙස නරේන්ද්‍ර මෝඩි විසින් පත් කරන ලද්දේ පසු ගිය සතියේදී.

තම උපන් ප්‍රදේශය වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය බලා යාම සඳහා ගුවන් තොටුපල කරා යමින් සිටියදී මෙම රිය අනතුර සිදු වී තිබේ.

ගෝපිනාත් මුන්ඩේ මිය යන විට හැට හතර වැනි වියේ පසු විය.

රෝහල කරා ගෙන එන විටත් ඔහු මිය ගොස් සිටි බවයි වාර්තා වන්නේ.

පිටුපස අසුනේ සිටි ඔහු කම්පනයට ලක්වී හෘදයාබාධයකට ගොදුරුවීම නිසා මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා ඇත.