උතුරු කොරියාවේ නායකයාගේ මාමා 'පදවියෙන් පහ කෙරේ'

ජැඞ් සොං තායෙක් විවාහ වී සිටින්නේ උතුරු කොරියානු නායකයාගේ නැන්දණිය සමගයි
ඡායාරූප ශීර්ෂ වැකිය, ජැඞ් සොං තායෙක් විවාහ වී සිටින්නේ උතුරු කොරියානු නායකයාගේ නැන්දණිය සමගයි
Published

උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන්ගේ මාමා පදවියෙන් පහ කොට තිබෙන බව දකුණු කොරියාවේ පුවත් වාර්තාවල දැක්වේ.

උතුරු කොරියාවේ බලගතුම දේශපාලන නායකයෙක් වන ජැඞ් සොං තායෙක්, එරට වැදගත්ම ආණ්ඩුවේ ආයතනවලින් එකක් වන ජාතික ආරක්ෂක කොමිසමේ උප සභාපති පදවියෙන් පහ කොට තිබේ.

දකුණු කොරියාවේ රහස් ඔත්තු ආයතනයෙන් ලැබුණු තොරතුරු පදනම් කර ගෙන ඒ බව අනාවරණය කොට තිබෙන්නේ දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින්.

ජැඞ් සොං තායෙක් පදවියෙන් පහ කිරීමේ පුවත සනාථ කෙරුණ හොත්, එය උතුරු කොරියානු බල අධිකාරියේ බරපතල වෙනසක් සනිටුහන් කෙරෙන්නක්.