මලාලාට යුරෝපා හවුලෙන් සම්මානයක්

මලාලාට මෑතකදී එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීමට ද අවස්ථාව උදා විය
ඡායාරූප ශීර්ෂ වැකිය, මලාලාට මෑතකදී එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීමට ද අවස්ථාව උදා විය
Published

පකිස්තානු දැරියන්ගේ පාසල් අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කිරීම නිසා තාලිබාන්වරුන්ගෙන් වෙඩි කෑ මලාලා යුසෆ්සායි දැරිය මානව හිමිකම් වෙනුවෙන් යුරෝපා හවුල පිරිනමන වාර්ෂික සම්මානයෙන් පිදුම් ලැබුවාය.

සම්මානය පිළිබඳ ව නිවේදනය කළ යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති මාටින් ශුල්ට්ස් කියා සිටියේ පුරුෂාධිපත්‍යය සහ ප්‍රචණ්ඩත්වය පිරි භූමියක සිටිය දී පවා දහසය හැවිරිදි මලාලා නිර්භීතව කටයුතු කළ බවයි.

මුස්ලිම් ශාරියා නීතිය අනුව ස්ත්‍රීන්ට පාසල් අධ්‍යාපනය තහනම් වන අතර ඊට එරෙහිව යාම නිසා පකිස්තානයේ තාලිබාන් තුවක්කු කරුවකු මලාලා ගේ හිසට වෙඩි තැබුවේය.

රෝහල් ගත කිරීමෙන් පසු සුවය ලැබූ මලාලාට මෑතකදී එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීමට ද අවස්ථාව උදා විය.